සුව සැරිය ගිලන් රථ සේවය වැඩදියුණු කිරීමට පියවර

සුව සැරිය ගිලන් රථ සේවය වැඩදියුණු කිරීමට පියවර
  • SocialShare:

1990 සුවසැරිය ගිලන්රථ සේවය අදියර කිහිපයක් ඔස්සේ වැඩිදියුණු කිරීමට බලාපොරොත්තු වන බව සෛෟඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

සුව සැරිය ගිලන්රථ සේවය ශක්තිමත් කිරීම සඳහා රජය ගෙනඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මන්ත්‍රීණී රෝහිණී ක්‍රමාරි කවිරත්න යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

හැකි ඉක්මනින් අනුමත කාර්ය මණ්ඩලය බඳවා ගැනීමට බලාපොරොත්තු වන බවද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.පාසල් මට්ටමින් සහ තරුණ තරුණියන් දැනුවත්කර

මෙම වසරේ 1990 ගිලන්රථ සේවය වෙනුවෙන්  රුපියල් මිලියන 5000ක් වෙන් කර ඇතැයිද කිය.

තවද 1990 ගිලන්රථ සේවය සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක බව අමාත්‍යවරයා පැවසීය.

ඉදිරියේදී 1990 ගිලන්රථ  ගණන 450දක්වා වැඩිකිරීමට සැලසුම් කර ඇතැයිද ,  රියදුරන්ගේ ගැටලු සහ තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් යන බවද කීය.

ප්‍රාථමික සහ ද්විතීක සෞඛ්‍ය සේවා ප්‍රතිසංස්කරණ යටතේ මෙම කටයුතු සිදුවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.