පාර්ලිමේන්තුව අද(18) පෙ.ව 9.30ට රැස්වෙයි.
අද පෙ.ව 11.30 සිට ප.ව. 5.00 දක්වා අංක 2429/51 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනත යටතේ නියමයන් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට නියමිතව තිබේ. අනතුරුව ප.ව 5.00 සිට ප.ව 5.30 දක්වා කාලය විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට වෙන් කර ඇත.
ජූනි 19 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව 11.30 සිට ප.ව. 5.30 දක්වා කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘතියේ තුන්වැනි අදියරෙහි II පියවර යටතේ කිරි ගවයින් 15000 ක් ආනයනය කිරීම සඳහා අත්තිකාරම් ලබාදීම පිළිබඳ 2025.05.21 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද විශේෂ විගණන වාර්තාව සහ දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරය සඳහා 2025.06.04 දින පාර්ලිමේන්තුවට පිළිගන්වන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ දෙවැනි වාර්තාව පිළිබඳ ආණ්ඩු පාර්ශ්වය විසින් ගෙනෙනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව පිළිබඳව විවාදය පැවැත්වීමටත් නියමිතය.


