අද වන විට රටේ බදු ආදායම ඉහළ ගොස් ඇති බවත් , රටේ ආර්ථිකය ස්ථාවර තැනකට පැමිණ ඇතැයි මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පැවසීය.
අද(20) පාර්ලිමේන්තුවේ නිෂ්පාදන බදු පනත යටතේ නියමය පිළිබඳ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
රජයට අවශ්‍ය ආදායම ලබා ගැනීමේ ප්‍රධාන මූලාශ්‍රයක් වන්නේ වාහන ආනයනයෙන් ලැබෙන ආදායම බවත් , කඩා වට්ටවා තිබෙන ආර්ථිකය නැවත ගොඩ නැගීමට, නැවතී තිබෙන සංවර්ධන ව්‍යාපෘතින් නැවත ආරම්භ කිරීමට සහ නව ව්‍යාපෘතින් ආරම්භ කිරීමට මෙය ඉතා වැදගත් බවද පැවසීය.
අලුතින් වාහන ආනයනය කිරීමේදී, ක්‍රමවත් වැඩපිළිවෙළක් ඔස්සේ එය සිදුකරන බවත්, වසර 05කට ආසන්න කාලයක් වාහන ආනයනය නොකළ රටකට වාහන ආනයනය කිරීමේදි එය වඩාත් සුපරික්ෂාකාරීව සිදුකළ යුතු බවත් ඒ මහතා පැවසීය.
ඒ ඒ වාහනවල වර්ගය අනුව නොව පෙට්‍රල් , ඩීස්ල් , හයිබ්‍රිඩ් හෝ එම වාහනයෙන් පරිසරයට මුදා හරින වායු ප්‍රමාණය සලකා බලමින්, ඩීසල් වාහන සඳහාවැඩි බදු ප්‍රතිශතයකුත් පෙට්‍රල් වාහන සඳහා ඊ ලඟට වැඩි බදු ප්‍රමාණයක් සහ හයිබ්‍රිඩ් වාහන සඳහා ආදී වශයෙන් බදු අයකරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
රටේ සංචිත ප්‍රමාණයට වන බලපෑම අවම කර ගනිමින් ආදායම් උපයා ගැනීමට හැකිවන පරිදි මෙම ක්‍රමය සකස් කර ඇතැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.