කාරක සභා කිහිපයක් සඳහා මන්ත්‍රීවරුන් නම් කෙරේ

කාරක සභා කිහිපයක් සඳහා මන්ත්‍රීවරුන් නම් කෙරේ
  • SocialShare:

පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර  පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා,  නීතිඥ දයාසිරි ජයසේකර සහ  මුජිබුර් රහුමාන් යන මන්ත්‍රීවරයන් ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද(20) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.  

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 111 හි විධිවිධාන පරිදි සහ 2025 මාර්තු 17 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, පහත සඳහන් එක් එක් ආංශික අධීක්ෂණ කාරක සභාවල සේවය කිරීම සඳහා, පහත සඳහන් මන්ත්‍රීවරයන් තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බවද කථානායකවරයා නිවේදනය කළේය.

 ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

 ජීවන් තොන්ඩමන් මහතා

නීතිඥ අනුරාධ ජයරත්න මහතා

සිවඥානම් ශ්‍රීතරන් මහතා

සුරංග රත්නායක මහතා

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

අජිත් පී. පෙරේරා මහතා

නලින් බණ්ඩාර ජයමහ මහතා

එස්. එම්. මරික්කාර් මහතා

ජගත් විතාන මහතා

 අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

 (ආචාර්ය) වී. එස්. රාධක්‍රිෂ්ණන් මහතා

හේෂා විතානගේ අංකුඹුර ආරච්චි මහතා

චානක මාදුගොඩ මහතා

තුරෛරාසා රවිකරන් මහතා

සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

නීතිඥ දයාසිරි ජයසේකර මහතා

අමිර්තනාදන් අඩෛක්කලනාදන් මහතා

 (වෛද්‍ය) රාමනාදන් අර්ච්චුනා මහතා

නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය

 පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

රෝහිත අබේගුණවර්ධන මහතා

හෙක්ටර් අප්පුහාමි මහතා

ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා

කිංස් නෙල්සන් මහතා

විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

චතුර ගලප්පත්ති මහතා

ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා

රාජ්‍ය පාලනය, යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා

මුජිබුර් රහුමාන් මහතා

අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවවල සාමාජික මන්ත්‍රී නාමලේඛණ සභාගත කිරීම

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 112 හි විධිවිධාන පරිදි සහ පාර්ලිමේන්තුව විසින් 2025 මාර්තු 19 දින සම්මත කරන ලද යෝජනා අනුව, දසවැනි පාර්ලිමේන්තුවේ පළමුවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා, පහත සඳහන් අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවලට තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද සාමාජික මන්ත්‍රීවරයන්ගේද නාම ලේඛන භාෂාත්‍රයෙන්ම සභගත කරන බව කථානායකවරයා දැනුම් දුන්නේය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
විද්‍යා හා තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව;
ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව; සහ
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.