උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් නිරවුල් කර යළි එම ජනතාවටම ලබාදෙන බව කෘෂිකර්ම, වාරිමාර්ග, ඉඩම් හා පශූ සම්පත් අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා පැවසීය.
උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී යොමුකළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් එළඹෙන 23වනදා පැවැත්වෙන බවද අමාත්‍යරයා කීය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය.
මෙමගින් සිදු කරන්නේ උතුරු නැගෙනහිර ජනතාවට ඉඩම් නිරවුල් කර දීමයි. මුලින්ම දිස්ත්‍රික් 04ක ජනතාවට මෙම ඉඩම් ලබා දෙනවා. හමුදා කඳවුරුවලට ජනතාවගේ ඉඩම් ලබා දී තිබෙනවා නම් ඒවත් නිරවුල්කර ජනතාවට ලබා දෙනවා. ඒවා කිසිසේත් රජයට පවරා ගන්නේ නැහැ. යම් කිසි කෙනෙකුට තොරතුරු ඉදිරිපත් කරන්න බැරිනම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී කටයුතු කරනවා. උතුරු නැගෙනහිර ජනතාවගේ කිසිදු ඉඩමක් යළි රජයට පවරා නොගන්නා බව ඉතා වගකීමෙන් කියනවා.