“යළි පුබුදමු යාල“ වැඩසටහන යටතේ යාල වනෝද්‍යානයේ ගුණාත්මක භාවය වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇතැයි පරිසර නියෝජ්‍ය ඇමැති ඇන්ටන් ජයකොඩි මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී අතුල වෙළඳගොඩ මහතා යාල වනෝද්‍යානය සම්බන්ධයෙන් වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව කියා සිටියේය.
යාල ජාතික වනෝද්‍යානය සඳහා පිවිසීමට පවතින සියලු ගේට්ටු එකම ආකාරයට ආකර්ශනීය ලෙස සකස් කර කලාප අංක 1 හි පිවිසීමට පවතින තදබදය අවසන් කරන බව ද නියෝජ්‍ය ඇමැතිවරයා කීය.
යාල වනෝද්‍යානයට පිවිසීම සඳහා ඇති පලටුපාන ප්‍රදේශයේ ගේට්ටුව ආකර්ශනීයත්වයෙන් ඉහළ නිසා එම පිවිසුම තුළ නිරන්තරයෙන් තදබදයක් පවතින බවත් “යළි පුබුදමු යාල“ වැඩසටහන යටතේ උද්‍යානයේ කලාප අංක 1 හි සංචාරක කටයුතුවල ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට සැලසුමක් සකස් කර ඇති බවත් නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
යාල ජාතික වනෝද්‍යානයේ සේවක හිඟය, සේවකයන්ගේ නිවාස, සංචාරක බංගලා, වැසිකිලි පහසුකම්, මාර්ග පද්ධතිය සහ පොදු පහසුකම් පිළිබඳව ගැටලු පවතින අතර ඒවා නිරාකරණය කිරීමට පියවර ගන්නා බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
වනෝද්‍යානයට ඇතුළු වීමට අවසර ඇති ලියාපදිංචි සංචාරක ජීප්රථ 551 ක් පවතින බවත් ලියාපංචිව තිබෙන අතර, එහෙත් මේ වන විට සංචාරක පහසුකම් ලබානොදෙන ජීප් රථ 30 ක් පමණ පවතින බවත් ඇමැතිවරයා පැවසුවේය.යාල ජාතික වනෝද්‍යානයේ සංචාරක කටයුතු සඳහා ලියාපදිංචිව ඇති එහෙත් සංචාරක පහසුකම් ලබානොදෙන ජීප් රථවල ලියාපදිංචිය අහෝසි කරන බවද හෙතෙම පැවසීය.