ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පලමු විස්සයි-20 තරඟයෙන් කොදෙව් කණ්ඩායමට කඩුලු 5ක ජයක්

    ඔක්තෝබර් 14, 2024

    සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ(13) පැවති පළමු විස්සයි-20 තරගය කඩුලු 5 කින් ජය ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් කොදෙව් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 179 ක් ලබා ගැනීමට සමත් විය.

    පන්දුවට පහරදීමේදී කමිඳු මෙන්ඩිස් ලකුණු 51 ක්, චරිත් අසලංක ලකුණු 59 ක් කුසල් මෙන්ඩිස් ලකුණු 19 ක් හා භානුක රාජපක්ෂ ලකුණු 17 බැගින් ලබා ගත්හ. Romario Shepherd ලකුණු 39කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් විය.

    ජයග්‍රහණය සඳහා ලකුණු 180ක ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම 19 වන පන්දුවාරයේදී කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය. කොදෙව් පිල වෙනුවෙන් Brandon King ලකුණු 63ක් සහ Evin Lewis ලකුණු 50ක් රැස් කළහ. පන්දු යැවීමේදී මතීෂ පතිරණ ලකුණු 27කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් විය.

    තරඟයේ වීරයා ලෙස Brandon King නම් කෙරිණි. ඒ අනුව තරඟ 3කින් යුත් විස්සයි-20 තරඟාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් පිල සමත් විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya