ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මූල්‍ය ස්ථායීකරණ ක්‍රියාමාර්ගයන්ට සමගාමීව ජනතාව මුහුණ දෙන අධික ආර්ථික බර අවම කිරීමට ප්‍රායෝගික වැඩසටහන් ක්‍රියාත්මක කරනවා - විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා

    ඔක්තෝබර් 15, 2024
     
    මූල්ය ස්ථායීකරණ ක්රියාමාර්ග හරහා සියලු ශ්රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට සමගාමීව ජනතාව මුහුණ දෙන අධික ආර්ථික බර අවම කිරීමට ප්රායෝගික වැඩසටහන් ක්රියාත්මක කරන බව විදේශ කටයුතු අමාත්ය විජිත හේරත් මහතා පැවසීය
    අමාත්යවරයා මේ බව සඳහන් කළේ කොළඹ සිටින විදේශික රාජ්යතාන්ත්රික නිලධාරීන් සමඟ විදේශ කටයුතු අමාත්යාංශයේ දී ඊයේ (14) පැවැති අන්තර් ක්රියාකාරී හමුවේ දීයි.
    මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්යවරයා
    “විදේශ කටයුතු පිළිබඳ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මම මෑත කාලයේ දී අවධානය යොමු කළෙමි.
    - ශ්රී ලංකාව බ්රික්ස් සංගමයේ සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය සඳහා අයදුම් කිරීමට තීරණය කර ඇත. එළැඹෙන මැතිවරණය හේතුවෙන් මට සහ අතිගරු ජනාධිපතිතුමන්ට 2024 ඔක්තෝබර් 23වැනි දින සිට 24වැනිදා දක්වා රුසියානු සමූහාණ්ඩුවේ කසාන්හිදී පැවැත්වීමට නියමිත බ්රික්ස් සංගමයේ Outreachසමුළුවට සහභාගී වීමට නොහැකි වනු ඇත. එහි දී විදේශ කටයුතු ලේකම්වරිය ශ්රී ලංකාව නියෝජනය කරමින් සාමාජිකත්වය සඳහා වන අපගේ ඉල්ලීම සංගමයට ඉදිරිපත් කරනු ඇත. මේ වන විටත් මම බ්රික්ස් සංගමයේ සාමාජික රටවල සහය අපේක්ෂා කරමින් අදාළ පාර්ශ්වකරුවන් වෙත ලිපි යොමු කර ඇත්තෙමි.
    - එක්සත් ජාතීන්ගේ ප්රඥප්ති රාමුව තුළ පදනම් වූ ශක්තිමත් සහ සියලු අංශ ඇතුළත් වන බහුපාර්ශ්විකත්වය තුළින් අන්යෝන්ය වශයෙන් ප්රතිලාභ ගෙනදෙන සහයෝගිතාව, සාමය සහ සංවර්ධනය සඳහා වූ අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම සඳහා බ්රික්ස් සංගමය ඵලදායී හවුල්කාරිත්වයක් ලෙස අපි සලකමු.
    - මේ මස ආරම්භයේ දී, එනම් 2024 ඔක්තෝම්බර් 4 වැනි දින ශ්රී ලංකාව වෙත සිදුවූ ප්රථම ඉහළ මට්ටමේ නිල සංචාරය වන ඉන්දීය විදේශ කටයුතු අමාත්ය ආචාර්ය සුබ්රමනියම් ජයශංකර් මහතාගේ පැමිණීම අතරතුර දී එතුමා පිළිගැනීමට ලැබීම ගැන මම බෙහෙවින්ම සතුටු වෙමි. එම සංචාරයේ දී, අමාත්ය ජයශංකර් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් බැහැදුටු අතර මා සමඟ සුහද සහ සාධනීය සාකච්ඡාවක ද නිරත විය. අග්රාමාත්ය නරේන්ද්ර මෝදි මහතා වෙනුවෙන් අමාත්ය ජයශංකර් මහතා, අන්යෝන්ය වශයෙන් පහසු දිනයක ඉන්දීය සංචාරයක නිරත වන ලෙස ජනාධිපති දිසානායක මහතාට ආරාධනා කළේය.
    - 2024 ඔක්තෝබර් 9 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්රී ලංකා රජය විසින් ප්රකාශයක් සිදු කර ඇත. කවුන්සිලයට අප විසින් සිදුකළ එම ප්රකාශයමඟින්, ජනතා විශ්වාසය භුක්ති විඳිය හැකි සංහිඳියාව පිළිබඳ විශ්වසනීය සහ ස්වාධීන දේශීය යාන්ත්රණ සහ ක්රියාවලීන් ආරම්භ කිරීම සඳහා වන අපගේ කැපවීම අපි ප්රකාශ කර සිටියෙමු. මේ සම්බන්ධයෙන් වන ඉදිරි කටයුතු අපි දැනටමත් ආරම්භ කර ඇත්තෙමු.
    - කවුන්සිලයට ඉදිරිපත් කරන ලද යෝජනාව අප විසින් ප්රතික්ෂේප කරනු ලැබුව ද, කවුන්සිලය සහ එහි නිත්ය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්රණයන් සමඟ අපි නිරන්තරයෙන් අර්ථකාරීව කටයුතු කරන්නෙමු. ඔබ දැනටමත් දන්නා පරිදි මානව හිමිකම් ගැටලු සම්බන්ධයෙන් බාහිර යාන්ත්රණයක් ස්ථාපිත කිරීම සඳහා වූ යෝජනාවට ශ්රී ලංකාව විරුද්ධත්වය ප්රකාශ කර ඇත.
    - ජිනීවා නුවර දී ශ්රී ලංකාවට සහය දැක්වීම සඳහා උපකාරී සහ ප්රතිපත්තිමය ස්ථාවරයන් දැක්වූ රටවලට අපි ස්තූතිවන්ත වන අතර අන්තර්ක්රියාකාරී සැසියේ දී ශ්රී ලංකාව ලබා ඇති ප්රගතිය වෙනුවෙන් රටවල් ගණනාවක් සිය සහයෝගය දක්වා තිබේ.
    - ඉන්දියානු සාගරය ආශ්රිත රටවල සංවිධානයේ (අයෝරා) සභාපතිත්වය ශ්රී ලංකාව විසින් දරනු ලබන පසුබිම මත, ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන්, එම සංවිධානයේ අමාත්ය මණ්ඩලයේ රැස්වීම ලබන වසර දක්වා කල් දැමීමට අපට සිදු වන බව ඔබට දන්වා සිටිමු. අයෝරා සංවිධානයේ සාමාජිකයින් සහ එම සංවිධානයේ ලේකම් කාර්යාලය සමඟ සාකච්ඡා කර කාල රාමුව තීරණය කිරීමට නියමිතය.
    - ජාත්යන්තර වශයෙන්, විශේෂයෙන් ම මැදපෙරදිග කලාපයේ වත්මන් ගෝලීය තත්ත්වය පිළිබඳව අපි අඛණ්ඩව දැඩි අවධානයෙන් සිටින්නෙමු.ගාසා තීරයේ මානුෂීය තත්ත්වය දිනෙන් දින වඩාත් දරුණු අතට හැරෙමින් පවතින අතර, විශේෂයෙන් ලෙබනනයේ පුළුල් කලාපීය මානයන් කෙරෙහි බලපෑමක් ඇති කරන වත්මන් වර්ධනයන් වඩාත් දරුණු වේ.1967 දේශසීමා මත පදනම්ව, ඊශ්රායලයේ ආරක්ෂාව ද සහතික කරමින් අදාළ එක්සත් ජාතීන්ගේ යෝජනාවලට අනුකූලව, ගාසා තීරයට වහා සටන් විරාමයක් සහ සීමා රහිත මානුෂීය ප්රවේශයක් සහ තිරසාර ද්වි-රාජ්ය විසඳුමක් සඳහා වන අපගේ ඉල්ලීම අපි අඛණ්ඩව කරගෙන යන්නෙමු.
    - ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකායේ අපගේ සාම සාධක භටයින් දෙදෙනෙකුට තුවාල සිදු කළ ප්රහාර පිළිබඳව අපි දැඩි ලෙස කනගාටු වෙමු. අභියෝගාත්මක එක්සත් ජාතීන්ගේ දූත මණ්ඩල කිහිපයක සේවය කරන අපගේ සාම සාධක භටයන් ගැන අපි ආඩම්බර වන අතර එක්සත් ජාතීන්ගේ කාර්යය මණ්ඩලයට සහ එක්සත් ජාතීන්ගේ පරිශ්රයට ගරු කිරීම සියලු පාර්ශ්වයන්ගේ වගකීම වේ.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya