ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජරට විශ්විද්‍යාලයේ සිසුන් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා තත්ත්වය පිළිබඳ ක්ෂේත්‍ර අධ්‍යයනයක

    ඔක්තෝබර් 15, 2024

    පරිසර කළමනාකරණය පිළිබඳ උපාධිය හදාරණ රජරට විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර ආපදා තත්ත්වය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා වූ ක්ෂේත්‍ර චාරිකාවකට එක් විය.

    මෙම ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව යටතේ මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර උපද්‍රවය හා ඒ මගින් හටගන්නා ආපදා තත්ත්වය ව්‍යාප්ත වීම, එහි තීව්‍රතාවය,  ගංවතුර කෙරෙහි බලපාන විද්‍යත්මක කරුණු, ව්‍යුහාත්මක ඉදිකිරීම්, භෞතික හා මානව සාධක ආදිය පිළිබඳව මූලික වශයෙන් අවධානය යොමු කෙරිණි.

    ඒ අනුව ක්ෂේත්‍රයට පිවිසීමට ප්‍රථම ආපදා කළමනාකරණය හා මාතර දිස්ත්‍රික්කයේ ගංවතුර උපද්‍රවය හා සම්බන්ධ මූලික දැනුවත් කිරීම, මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සම්බන්ධීකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ලුතිතන් කර්නල් ආරියවංශ කණ්ඩම්බි මහතා විසින් සිදු කරන ලදි.

    අනතුරුව තොටමුණ ගං මෝය, නිල්වලා ලවණ බාධකය , BR 5 - ගල් බැම්ම, පොල්හේන වෙරළ තීරය ආදී ස්ථාන වල ක්ෂේත්‍ර අධ්‍යන කටයුතු හා දැනුවත් කිරීමේ කටයුතු සිදු කරන ලදි.

    මේ අවස්ථාව සඳහා රජරට විශ්වවිද්‍යාලයේ ආචාර්ය ජේ.එම්.එස්.බී.ජයසුන්දර මහතා, ආචාර්ය එම්.එම්.එස්.ඒ.මාරසිංහ මහත්මිය, ආචාර්ය ඩබ්ලිව්.එම්.එස්.බී.වන්නිනායක මහතා ඇතුළු විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 65 දෙදෙකු සහභාගි වී සිටියහ.

    මෙම ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාව මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සම්බන්ධීකරණය හා මෙහෙයවීම යටතේ සිදු කරන ලදි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya