ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික්කයේ අවතැන් වූ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට කඩිනමින් කටයුතු කරනවා - ගම්පහ දිස්ත්‍රික් ලේකම්

    ඔක්තෝබර් 15, 2024

    අයහපත් කාලගුණය හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වය නිසා ඊයේ (14) වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 20,553ක පුද්ගලයන් 77,388 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් අවතැන් වූ ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා කඩිනමින් කටයුතු කරමින් පවතින බවත් ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා පවසයි.

    මේ අනුව දොම්පෙ , අත්තනගල්ල , මිනුවන්ගොඩ , මීරිගම , බියගම , දිවුලපිටිය , වත්තල , මහර , කැලණිය , කටාන , ජාඇල හා ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 12ක ග්‍රාම නිලධාරී වසම් 255ක පුද්ගලයන් ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව සිටින බව පැවසූ දිස්ත්‍රික් ලේකම්වරයා ජීවිත හානි කිසිවක් වාර්තා වී නැති බවත් ව්‍යාපාර හානි 11ක් වාර්තා වී ඇති බවත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊයේ (14) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.

    විශේෂයෙන්ම කැලණි ගඟේ ගංවතුර මට්ටම අඩු වෙමින් පවතින බැවින් බියගම හා කැලණිය ප්‍රදේශවල ගංවතුර තත්ත්වයේ යම්කිසි අඩුවීමක් ඇති බවත් අත්තනගලු ඔයේ ජල මට්ටමේ සුළු අඩුවීමක් ඇති නිසා අත්තනගල්ල, ගම්පහ , මිනුවන්ගොඩ ප්‍රදේශවල වතුර වේගයෙන් බැස යන නමුත් එම බැස යන වතුර වත්තල හා ජාඇළ ප්‍රදේශවල එක්රැස්වන නිසා එම තැනිතලා ප්‍රදේශවල ගංවතුර තත්ත්වය ඊයේ (14) සහ අද (15) පැවතිය හැකි බව දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කළේය.

    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ආපදා කළමනාකරණ සහන සේවා ඒකකය මේ වන විට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ඇති බව පැවසූ ලලින්ද ගමගේ මහතා අවතැන් වූ ජනතාව වෙනුවෙන් පිසූ ආහාර ලබා දීමට සියලු ම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී බවත් පැවසීය.

    මේ වන විට පූර්ණ හානි කිසිවක් වාර්තා වී නොමැති අතර අර්ධ නිවාස හානි 41ක් වාර්තා වී ඇති බවත් දිස්ත්‍රික්කයේ අවතැන් වූ පවුල් 454ක සාමාජිකයන් 1,569 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 19ක රැකවරණය සලසා ඇති අතර ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා එක්ව ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා ජනතාවගේ අවශ්‍යතා සපුරාලීමට පියවර ගෙන ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කරන ලදී.

    වත්තල, ජාඇළ සහ කටාන යන පහත් ප්‍රදේශවල ජීවත්වන ජනතාවට ගංවතුර එම ප්‍රදේශවලින් බැස යාම හේතුවෙන් පොලිසිය හෝ ත්‍රිවිධ හමුදාව හෝ ඉවත් වන ලෙස දැනුම් දුන් විට කඩිනමින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන මෙන් ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya