ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර ජනතාවට ඉන්ධන මිල සහනයක්

    ඔක්තෝබර් 15, 2024

    ධීවර ජනතාව වෙනුවෙන් විශේෂ ඉන්ධන මිල සහනයක් ලබා දීමට මෙවර කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ , අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී ය.

    පසුගිය දිනවල ඉන්ධන මිල අඩු කිරීම ධීවර ජනතාවට සහනක් වී ඇති බවත් ධීවර කර්මාන්තය යම්කිසි තැනකට නගා සිටුවීමට තවත් මෙම ඉන්ධන සහනාධාරය ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවද ඒ මහතා පැවසුවේය.

    ඒ අනුව සහනාධාරය වෙනුවෙන් මාස 06ක කාලයක් සඳහා රුපියල් මිලියන 5.5ක් මේ වෙන් කර ඇති බව කී අමාත්‍යවරයා , උපරිම ලීටර් ලක්ෂ 03කට යටත්ව ඩීසල් ලීටර 1ක් සඳහා රුපියල් 25ක සහනයක් ලබා දී ඇති බවත් වැඩි වශයෙන් එම සහනය ගැඹුරු මුහුදේ යන බෝට්ටු සඳහා බලපානු ඇති බවද සඳහන් කළේය.

    එමෙන්ම රුපියල් 9375 ක උපරිමයකට යටත්ව භූමිතෙල් සඳහා දිනකට ලීටර් 15ක් බැගින් දින 25ක් සඳහා ලීටරයකට රුපියල් 25ක සහනයක් භූමිතෙල් සඳහා ලබා දීමට අනුමැතිය හිමිව ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
    මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතියකට යටත්ව මෙම සහනයන් ලබා දෙන බවත් මිල සූත්‍රයට අනුව මෙම මිල උච්චාවචනය විය හැකි බවත් ඩීසල්වලින් 7.5% ක සහ භූමිතෙල්වලින් 12.5%ක සහනයක් ධිවර ජනතාවට ලැබෙන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya