ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඔක්තෝබර් 01 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ධීවර ජනතාවට විශේෂ ඉන්ධන මිල සහනයක්

    ඔක්තෝබර් 15, 2024

    ධීවර කර්මාන්තය නගා සිටුවීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙලේ එක් ප්‍රධාන පියවරක් වශයෙන්, ධීවර ජනතාව වෙනුවෙන් විශේෂ ඉන්ධන මිල සහනයක් ලබා දීමට රජය තීරණය කල බව ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අතිරේක ලේකම් ධම්මික රණතුංග මහතා පැවසීය.අද(15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අතිරේක ලේකම්වරයා මේ  බව පැවසීය.පසුගිය දිනවල ධීවර කර්මාන්තය විශාල අර්බුධයකට මුහුණ දුන් බවත්,  ඊට පිළියමක් වශයෙන් රජය මෙම තීරණය ගත් බවත්  අතිරේක ලේකම් ධම්මික රණතුංග මහතා පැවසීය.

    වැඩිදුරටත් අදහස් දක්වමින් අතිරේක ලේකම්වරයා මෙසේ පැවසීය.
    වෙළෙඳපල ඉන්ධන මිල වැඩිවීම තුල, පසුගිය දිනවල ධීවර කර්මාන්තය විශාල අර්බුදයකට මුහුණ දුන්නා. ඩීසල් භාවිතා කරන බහුදින ධීවර යාත්‍රා 6500ක් තිබෙනවා. භූමිතෙල් භාවිතා කරන ධීවර යාත්‍රා 32500ක් තිබෙනවා. එම යාත්‍රාවලට සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට නොහැකි වූ නිසා එය ධීවර කර්මාන්තයට විශාල වශයෙන් බලපෑවා. ධීවර කටයුතු වල විශාල අඩුවීමක් පසුගිය දිනවල සිදු වී තිබෙනවා. එමනිසා වෙළෙඳපල මාළු මිල ගණන් විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව යාත්‍රා හිමියන් දෙකොටසම මෙම සහනය ලබා දීමට කටයුතු කරනවා.


    ඉන්ධන මිල විශාල වශයෙන් ඉහල ගොස් තිබෙන නිසා ධීවරයන්ගේ ප්‍රාග්ධන මිල විශාල ලෙස ඉහල ගොස් ඇති බවත් , එහෙත් ඊට සාපේක්ෂව මත්ස්‍ය අස්වැන්න ඉහල නොයාම නිසා ධීවරයන්ට විශාල ගැටලු වලට මුහුණ දී ඇති බවත්, ඇතැම් ධීවරයන් ධීවර කර්මාන්තයෙන් ඉවත් වීමට සිදු වූ බවද ධීවර සහ ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවසීය.
    2019 වර්ෂයේ කරදිය මත්ස්‍ය නිෂ්පාදනය මෙට්ට්‍රික් ටොන් 415,000ක් පමණ වුණා. 2023 වර්ෂයේ එය 293,000ක් පමණ වුණා. 2020,2021 සහ 2022 යන අර්බුදකාරී වර්ෂ වල මත්ස්‍ය නිෂ්පාදනය විශාල ලෙස පහල ගොස් තිබෙනවා. මෙය ජනතාවගේ පෝෂණය කෙරෙහිත් වක්‍ර ආකාරයෙන් බලපාන බවත් එය සමස්ත ජනතාව කෙරෙහි බලපාන බවද ඒ මහතා පැවසීය. එබැවින් මෙම ක්ෂේත්‍රය කඩිනමින් යථා තත්වයට පත් කළ යුතු බවත් ඒ අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya