ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය

    ඔක්තෝබර් 15, 2024

    මෙරට අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කිරීමට සහ රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අවධානය යොමුවී තිබේ.

    අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ එක්සත් ජාතීන්ගේ සහකාර මහ ලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර ඊයේ(14) පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී මේ පිළිබඳ අවධානය යොමු විය.

    එක්සත් ජාතීන්ගේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය මෙහිදී අග්‍රාමාත්‍යතුමිය වෙත සිය සුභ පැතුම් පිරිනැමීය.

    ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් ජාතීන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම, ප්‍රජා ආරක්ෂාව, සමාජ ආරක්ෂණය, අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ සඳහා සහය වීම සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.

    මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් මහින්ද ගුණරත්න, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක සහ UNDP නේවාසික නියෝජිත අසුසා කුබෝටා, UNDP ඩිජිටල් සහ නවෝත්පාදන කණ්ඩායම් නායක ෆාදිල් බාකීර් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් අධ්‍යක්ෂ ජනරාල් දයානි මෙන්ඩිස් යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya