ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් අපි මැදිහත් වෙනවා - අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක

    ඔක්තෝබර් 15, 2024

    මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් රජය මැදිහත් වන බවත් නව රජය බලයට පත්වීමෙන් පසු මෙරට මානව හිමිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඉතා සාධනීය පියවර රැසක් ගෙන ඇති බවත් අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
    ජනාධිපතිවරණයේදී පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිසිවක් සිදු නොවුණු බවද මෙම මැතිවරණ කාලසීමාවේත් ඉන් පසුවත් කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදුනොවන ලෙස පවත්වාගෙන යාමට බලාපොරොත්තු වන බවද පැවසුවේය.
    පසුගිය කාලයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් පිළිබඳව දේශීය යාන්ත්‍රණයක් හරහා මැදිහත් වීමට උපරිමයෙන් කටයුතු කරන බවද ඉතා පැහැදිලිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී රජයේ ස්ථාවරය පැහැදිලි කළ අතර දැනටමත් ක්‍රියාමාර්ග අරඹා ඇතැයිද වැඩිදුරටත් පැවසුවේය.
    මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා අපරාධ නීති සහ අනෙකුත් නීති වලට යටත්ව රටතුළ පසුගිය කාලයේ සිදුවූ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට මෙරට ජනතාවට විශ්වාසය ලබාදෙන බවද සඳහන් කළේය.
    එමෙන්ම ඉදිරියේදී එවැනි සිදුවීම් වැළැක්වීමට අනිවාර්යයෙන්ම කටයුතු කරන බවද ජාත්‍යන්තර මානව හිමිකම් නීති රීතීන්ද උපයෝගී කරගනිමින් දේශීය යාන්ත්‍රණයක් තුළ මානව හිමිකම් පිළිබඳව කටයුතු කිරීමට අනිවාර්යයෙන් මැදිහත් වන බවද පැවසුවේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya