ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාහන ගෙන්වීම නිවැරදි ක්‍රමවේදයකට

    ඔක්තෝබර් 15, 2024

    වාහන ගෙන්වීමේ කටයුත්ත නිවැරදි ක්‍රමවේදයකට යටත්ව මෙරට ඩොලර් ප්‍රමාණයන් පිටට ඇඳී නොයන ලෙසත්, නැවත රට තුළ ඩොලර් අර්බුදයක් ඇති නොවන ලෙසත් වාහන අවශ්‍යතාවය සැපිරීම සඳහා යම් ඉඩ ප්‍රස්ථාවක් විවෘත කිරීමට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව අමාත්‍ය මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
    වාහන ආනයනය කිරීම සඳහා ඉඩ පහසුකම් සලසන ලෙස විශාල ඉල්ලීමක් පවතින බවද, ඒ පිළිබඳ කලින් ගත් කැබිනට් තීන්දුවක් පවතින අතර මෙම අවස්ථාවේ හදිසි වාහන ගෙන්වීමක් හෝ තීරුබදු සහන සහිත වාහන ගෙන්වීමක් නව රජය බලයට පත්වූ පසු සිදුකළ නැතැයිද වැඩිදුරටත් පැවසුවේය.
    දැනට තීරුබදු සහන සහිත වාහන ගෙන්වීමක් නව රජයේ පාලනය තුළ අලුතෙන් ගත් තීරණයක් ලෙස ක්‍රියාත්මක කර නැතැයිද අවධාරණය කළේය.
    වාහන ගෙන්වීම සම්බන්ධයෙන් ඉඩ ප්‍රස්ථාව ලබාදිය යුතුයි යන ස්ථාවරයේ රජය සිටින බවද අමාත්‍ය මණ්ඩල මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya