ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා-කොදෙව් විස්සයි-20 තරඟාවලිය අද(13) ඇරඹේ

    ඔක්තෝබර් 13, 2024

    ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය අද(13) ආරම්භ වනවා.

    ඒ අනුව පලමු විස්සයි-20 තරගය අද(13) රාත්‍රී 7.00ට රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

    ශ්‍රී ලංකව සහ කොදෙව් පිල අතර මින් පෙර ද්විපාර්ශ්වික විස්සයි20 තරගාවලි 3ක් පවත්වා ඇති අතර, 2015 වසරේ පැවති පළමු තරගාවලිය 1-1ක් ලෙස සමව නිමා වී තිබේ. අනතුරුව 2019දී තරගාවලිය 2-0ක් ලෙස සහ අවසන් වරට 2021 වසරේ පැවති තරග 3කින් සමන්විත විස්සයි20 තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට කොදෙව් පිල සමත් විය.

    ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය – චරිත් අසලංක (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිඳු මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, භානුක රාජපක්ෂ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුනිත් වෙල්ලාලගේ, ජෙෆ්රි වැන්ඩසේ, චමිඳු වික්‍රමසිංහ, මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු.

    කොදෙව් විස්සයි20 සංචි­තය – රොව්මන් පවෙල් (නායක), රොස්ටන් චේස් (උප නායක), ෆේබියන් ඇලන්, ඇලික් අතනාසේ, ඇන්ඩ්‍රි ෆ්ලෙචර්, ටෙරන්ස් හින්ඩ්ස්, ෂායි හෝප්, අල්සාරි ජෝසප්, ෂමර් ජෝශප්, බ්‍රැන්ඩන් කිං, එවින් ලුවිස්, ගුඩකේෂ් මෝටි, ෂර්ෆාන් රදර්ෆර්ඩ්, රොමාරියෝ ෂෙපර්ඩ්, ෂමර් ස්ප්රින්ගර්.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya