ඔක්තෝබර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සැප්තැම්බර් මස විශිෂ්ඨතමයා සම්මානය කමිඳු මෙන්ඩිස්ට

    ඔක්තෝබර් 15, 2024

    ශ්‍රී ලංකා කණ්ඩායමේ මැද පෙළ පිතිකරු කමිඳු මෙන්ඩිස් සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරනු ලැබ ඇත. ඔහුට සැප්තැම්බර් මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වීමට අවස්ථාව උදාවී ඇත්තේ සැප්තැම්බර් මසදී පැවැති ටෙස්ට් තරගවලදී වාර්තාවක් රැසක් තැබීමට සමත්වූ බැවිනි.

    මේ කමිඳු මෙවැනි සම්මානයක් දිනා ගන්නා ලද දෙවැනි අවස්ථාව වන අතර මීට පෙර ඔහු මාර්තු මසදීද මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීමට සමත්ව තිබේ.

    සැප්තැම්බර් මාසයේ විශිෂ්ඨතම ක්‍රීඩකයා සම්මානය සඳහා කමිඳු මෙන්ඩිස් සමඟින් ශ්‍රී ලාංකික වමත් දඟ පන්දු යවන ප්‍රභාත් ජයසූරිය සහ ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් නිර්දේශ වී සිටියහ. ඒ අනුව පිට පිට මාස දෙකකදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු සහ එක් ක්‍රීඩිකාවක අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් නම් කරනු ලද මාසයේ විශිෂ්ඨතම ක්‍රීඩකයා සම්මානය දිනා ගැනීම කැපී පෙනෙයි. කමිඳුට අමතරව ගෙවී ගිය අගෝස්තු මසදී දුනිත් වෙල්ලාලගේ සහ කාන්තා කණ්ඩායමේ හර්ෂිතා සමරවික්‍රම එම විශිෂ්ඨතම ක්‍රීඩිකාවගේ සම්මාන ලබාගත් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට පත්වූහ.

    ටෙස්ට් පිටියට ප්‍රවිෂ්ඨ වූ දිනයේ සිටම අතිෂය සාර්ථක දක්ෂතාවයන් රඳවා ගැනීමට සමත්ව සිටින කමිඳු නිමාවට පත් වුණු සැප්තැම්බර් මසදීද පිතිකරුවකු ලෙස කැපී පෙනෙන දක්ෂතා දක්වමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. මෙහිදී ඔහු එම මාසයේදී මුලු ලකුණු 451 ක් රැස් කරන ලද්දේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 90.20 ක ඉහළ අගයක් රඳවා තබා ගනිමිනි. ඊට එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව ජය වර්තා කරන ලද තෙවැනි ටෙස්ට් තරගයේ ලද අර්ධ ශතක 2 සහ නවසීලන්තයට පෙර මව්බිමේදී පැවැති තරගාවලියේදී ශතක වාර්තා කිරීමට සමත්වූවේය.

    එංගලන්තයට එරෙහිව පැවැති තරගයේදී මෙන්ඩිස් ලකුණු 74 සහ 64 වශයෙන් රැස් කර ගත් නමුත්, අනතුරුව සිය උපන් භූමිය වූ ගාල්ලේදී පැවැති ටෙස්ට් තරග දෙකේදී ඔහු ලකුණු 114 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 182 ක් රැස් කරමින් ශ්‍රී ලංකාවට ජය මාවත විවර කර දීමට සමත්වූවේය. එම දෙවැනි ටෙස්ට් තරගයේදී ඔහු රැස් කරන ලද ඉනිම නිසා වසර 75 කට පසු අඩුම ඉනිම සංඛ්‍යාවකින් ලකුණු 1000 සීමාව ඉක්මවා ගිය වේගවත්ම පිතිකරුවා බවට පත්විය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya