ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නායකත්වය අසලංකට - කුසල්, චන්දිමාල් හා චමිදු සංචිතයට

    ජූලි 23, 2024

    ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත විස්සයි-20 තරඟාවලිය සඳහා ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතය නම් කර තිබෙනවා.

    ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ හිටපු නායක වනිඳු හසරංග නායකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් පසු චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායමේ නව නායකයා ලෙස නම් කර තිබේ.

    පසුගිය විස්සයි-20 ලෝක කුසලාන තරඟාවලිය සඳහා නම් නොකෙරුණු කුසල් ජනිත් පෙරේරා, දිනේෂ් චන්දිමාල්, බිනුර ප්‍රනාන්දු හා නවක ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ මෙම සංචිතය සඳහා කැඳවා තිබීම විශේෂත්වයක්.

    තරඟ 3කින් යුත් විස්සයි-20 සහ එක්දින තරඟාවලියක සහභාගී වීම සඳහා සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ(22) ශ්‍රී ලංකාවට පැමිණියා. ඒ අනුව ජූලි 27 වනදා පලමු විස්සයි-20 තරඟය පැවැත්වීමට නියමිත අතර පිළිවෙලින් ලබන 28 සහ 30 යන දිනයන්හිදී දෙවන සහ තෙවන විස්සයි-20 තරඟ පැවැත්වීමට නියමිතයි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya