සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වාර්තා පිට වාර්තා තබමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මැලේසියාව පරදවති

    ජූලි 23, 2024

    ආසියානු කුසලාන පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරඟාවලියේ මැලේසියාවට එරෙහිව ලකුණු 144ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ඊයේ(22) සමත් විය.

    විස්සයි-20 තරඟ ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වැඩිම ලකුණු පරතරයකින් ජයග්‍රහණය ලෙසින් සටහන් වුණු මෙම තරඟ ජයත් සමඟ අර්ධ අවසන් තරඟ වටයට සුදුසුකම් ලබා ගැනීම සඳහා ස්ථාවර අඩිතාලමක් එක් කර ගැනීමටද ශ්‍රී ලංකාවට හැකියාව ලැබිණ.

    කාසියේ දිනූ ශ්‍රී ලංකා කාන්තා පිළ පළමුවෙන් පන්දුවට පහර දෙමින් නියමිත පන්දුවාර 20 අවසනදි කඩුලු 4 කට ලකුණු 184 ක් රැස් කර ගැනීමට සමත් වූ අතර ඊට පිළිතුරු ලෙස පන්දුවට පහර දුන් මැලේසියානු පිළ පන්දුවාර 19.5 කදී ලකුණු 40 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත්වූහ.

    වේගවත් පිහිහරඹයක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ලකුණු 119ක විශිෂ්ඨ ශතකයත් වාර්තා කළේ හයේ පහර 7 ක් සහ හතරේ පහර 14 ක් සමගිනි. තෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ශතකය ලෙසින් සටහන් වුණු මෙම ඉනිම ඇයගේ පෞද්ගලික තරග දිවියේ ඉහළතම ලකුණු සංඛ්‍යාව ලෙසින්ද සනිටුහන් විය.

    මැලේසියානු කාන්තා කණ්ඩායම ලකුණු 40කට සීමා කිරීම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වූ දඟ පන්දු යවන ක්‍රීඩිකා ශෂිනි ගිම්හානි සිය පන්දුවාර හතරේදී ලකුණු 09කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වූයේය.

     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya