සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිව්වැනි වරටත් LPL කිරුළ ජැෆ්නා කිංග්ස් හිමිකර ගනී

    ජූලි 22, 2024

    2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව සිව්වැනි වතාවටත් තමන් සතු කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.

    ඒ ඊයේ (21) පැවති අවසන් මහා තරඟයෙන් ගෝල් මාවල්ස් පිලට එරෙහිව කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමිනි.

    ජැෆ්නා නායකයාගේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පිවිසි ගෝල් මාවල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසනදී කඩුලු 6 කට ලකුණු 184 ක් ලබා ගැනීමට සමත් විය. වේගවත් පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ පන්දු 34 කදී ලකුණු 82 ක් රැස් කළේ හයේ පහරවල් 6ක් සහ හතරේ පහරවල් 8ක් ද සමගිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් Tim Seifert ලකුණු 47ක් රැස් කිරීමට සමත් විය.

    පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු ලකුණු 35කට කඩුලු 3ක් සහ Jason Behrendorff ලකුණු 18කට කඩුලු 2ක් ද බිඳ හෙළීමට සමත් විය.

    ජයග්‍රහණය සඳහා ලකුණු 185 ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා පිතිකරුවෝ පන්දුවාර 15.4ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී ජයග්‍රහණය තමන් සතු කර ගැනීමට සමත් විය. ජැෆ්නා කණ්ඩායම ජයග්‍රහණ කරා මෙහයවූ Rilee Rossouw නොදැවී ලකුණු 106ක් ලබා ගත්තේ හයේ පහරවල් 7ක් සහ හතරේ පහරවල් 9ක් ද සමගිනි. ඔහුට අනගි සහායක් ලබා දුන් කුසල් මෙන්ඩිස් ලකුණු 72ක් ලබා ගත්තේය. ඒ අනුව අවසන් මහා තරඟය පහසුවෙන් ජය ගනිමින් සිව්වැනි වරටත් ලංකා ප්‍රිමිය ලීග් ශූරතාව තමන් සතු කර ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් විය.

    අවසන් මහා තරඟයේ වීරයා මෙන්ම තරඟාවලියේ වීරයා බවට දකුණු අප්‍රිකානු ක්‍රීඩක Rilee Rossouw සමත් වීම ද විශේෂත්වයකි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya