සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එංගලන්ත යොවුන් පිලට ජය

    ජූලි 21, 2024

    සංචාරක ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල හා එංගලන්ත යොවුන් පිල අතර, චෙල්ටන්හෑම් හි පැවැති දෙවැනි නිල නොවන සිව්දින ටෙස්ට් තරගාවලියෙන් ඒංගලන්ත යොවුන් ක්‍රීඩකයෝ ඉනිමකින් හා ලකුණු 53කින් ජය ලැබූහ. මේ හේතුවෙන් තරග දෙකකින සමන්විත නිල නොවන ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ඒංගලන්ත යෞවනයෝ ජය වාර්තා කළහ.

    ශ්‍රී ලංකා යොවුන් පිල පළමු ඉනිමේ ලබාගත් ලකුණු 153ට පිළිතුරු ලෙස එංගලන්ත යොවුන් පිල පළමු ඉනිමට ලකුණු 477ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 271කට සීමා විය. මෙම තරගයේදී ශ්‍රී ලංකා පිලේ ගයන වීරසිංහ හා මලිත් පෙරේරා අර්ධ ශතක ලබි ගැනීමට සමත් වූහ.

    එංගලන්ත යොවුන් පිලේ ආරම්භක පිතිකරු ජෙයඩන් ඩෙන්ලි ලකුණු 91ක් ලබාගත් අතර, ශ්‍රී ලංකා සම්බවයක් ඇති කේෂන ෆොන්සේකා ලකුණු 76කට දැවී ගියේය. හම්ෂා ෂායික් ලකුණු 107ක් එක්කළ අතර, හිටපු වේග පන්දු යැවූ ඇන්ඩෘ ෆ්ලින්ටෝෆ්ගේ පුතු රොකී ෆ්ලින්ටොෆ් ලකුණු 106ක්ක් ලබා ගැනීමට සමත් වූහ. ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නන් අතුරින් විහස් තෙව්මික හා ප්‍රවීන් මනීෂ කඩුලු 3 බැගින් බිඳ හෙලූහ.

    තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී දිනුර කළුපහන ශතකයක් සමඟ ලකුණු 163ක් ලබාගත් අතර, ගයන වීරසිංහ අර්ධ ශතක දෙකක් සමඟ ලකුණු 162ක්, ෂාරුජාන් ෂන්මුගනාදන් අර්ධ ශතකයක් සමඟ ලකුණු 109ක්, මලිත් පෙරේරා අර්ධ ශතකයක් සමඟ ලකුණු 103ක් ලබා ගත්හ.

    තරග දෙකේදී ශ්‍රී ලංකා පන්දු යැවීම සැලකීමේදී ප්‍රවීන් මනීෂ ලකුණු 168කට කඩුලු 9ක් හා විහස් තෙව්මික ලකුණු 119කට කඩුලු 5ක් බිදහෙලීමට සමත් වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya