සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ආසියානු කුසලානය ජයග්‍රහණය කළ හැකි බවට ලොකු විශ්වාසයක් තියෙනවා" - චමරි අතපත්තු

    ජූලි 20, 2024

    2024 ආසියානු කුසලානය ශ්‍රී ලංකා කාන්තා පිළට ජයග්‍රහණය කළ හැකි බවට ලොකු විශ්වාසයක් ඇති බව ශ්‍රී ලංකා කාන්තා විස්සයි-20 කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පවසනවා.

    චමරි මේ බව සඳහන් කර සිටියේ තරඟාවලිය ආරම්භයට පෙර පැවති මාධ්‍ය හමුව අතරතුරේ අදහස් දක්වමිනි.

    “ගොඩක් හොඳ සූදානමක් තියෙනවා. විශේෂයෙන්ම අපි පහුගිය අවුරුදු එකහමාර ගත්තහහ අපි නවසීලන්තය, දකුණු අප්‍රිකාව, එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කියන කණ්ඩායම් පරාජයට පත් කළා. ලංකාවේ සහ ඔවුන්ගේ රටවලදී. මං හිතන්නේ හොඳ මානසිකත්වයකින් කණ්ඩායම ඉන්නවා. මේ ආකෘතිය ඕනෑම අවස්ථාවක වෙනස් වෙන්න පුලුවන්. දවසේ හොදට කරන කණ්ඩායම අනිවාර්යයෙන්ම ජයග්‍රහනය කරනවා. ඒ වගේම අපේ රටේ සෙල්ලම් කරන්නේ. අපේ උපරිමයම මේ තරගාවලියට දෙන්න බලාපොරොත්තු වෙනවා“ යැයි චමරි සදහන් කර සිටියි.

    විස්සයි-20 අන්තර්ජාතික කාන්තා කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට අනුව ආසියානු කලාපයේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාව පමණි. තරගාවලි ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම මීට පෙර පස් වතාවක් අවසන් මහ තරඟ වරම් දිනාගැනීමට සමත්ව වුවත් එකම වරක් හෝ ශූරතා කුසලානයක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබේ. කෙසේ වෙතත් මෙවර තම දේශීය තත්ත්වයන් යටතේ ක්‍රීඩා කිරීමේදී එම ඉතිහාසයේ වෙනස් කිරීමට තමන් ඇතුළු කණ්ඩායම සතුව විශාල බලාපොරොත්තුවක් තිබෙන බව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු වැඩිදුරටත් සඳහන් කළාය.

    “මේ පාර ශූරතාව දිනා ගන්න පුලුවන් වෙයි කියලා ලොකු විශ්වාසයකින් ඉන්නවා. එතැනදි හොද මානසිකත්වයකින් යුක්තව තරගයෙන් තරගය ක්‍රීඩා කරන එක වැදගත්. අපි දන්නවා අපි ගොඩක් හොඳට පසුගිය තරඟවලි සෙල්ලම් කරලා තියෙනවා කියලා. හොද කණ්ඩායම් අපි පරාජයට පත් කරලා තියෙනවා. එංගලන්තය එංගලන්තයෙදිත් දකුණු අප්‍රිකාව දකුණු අප්‍රිකාවේදීත්. හැබැයි ඒ හැම තරගයම කරලා ඉවරයි. ඒක ඉතිහාසයට ගිහිල්ලා ඉවරයි. මේක අලුත් දවසක්. අලුත් තරගයක්. ඒ තරගය අපි හොඳින් ක්‍රීඩා කරන එක තමයි වැදගත්. එහෙම තරගයෙන් තරගය ආවොත් අවසන් මහ තරගයට, අපි දන්නවා මොනවද කරන්න ඕන කියන එක. බලාපොරොත්තුවක් තියෙනවා වෙනසක් කරන්න මේ ආසියානු කුසලාන තරගාවලියෙදී“ යැයි චමරි පැවසුවාය.

     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya