ජූනි 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා 19න් පහළ යොවුන් පිල එංගලන්තය බලා පිටත්ව යයි

    ජූනි 24, 2024

    දිනුර කළුපහනගේ ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම පසුගියදා (22) එංගලන්තය බලා පිටත්ව ගියහ.



    ක්‍රීඩකයන් දහ අට දෙනෙකුගෙන් සමන්විත යොවුන් කණ්ඩායම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ අද පැවැති ආගමික වතාවත් වලින් අනතුරුව එංගලන්ත සංචාරය සඳහා නික්ම ගියහ.

    යොවුන් කණ්ඩායම ක්‍රීඩකයින් 18 දෙනෙකුගෙන් සමන්විත වෙයි. නම් කරන ලද ක්‍රීඩකයින් අතර දිනුරට අමතරව පුළිඳු පෙරේරා, හිරාන් ජයසුන්දර, දිනිරු අබේවික්‍රමසිංහ, ශරුජන් ශම්මුගනාතන්, විහස් තෙව්මික සහ යූරි කොත්තිගොඩ මීට පෙර වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ බවට පත්ව සිටිති.

    සෙසු ක්‍රීඩකයින් සියලු දෙනාම පළමු වතාවට වයස අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබා ඇත්තෝ වෙති.

    මෙම තරගාවලිය යටතේ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරග වදිනු ලබන එක්දින තරග 3 න් පළමු තරගය දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන අතර සෙසු තරග දෙක පමණක් දිවා තරග ලෙසින් පැවැත්වෙනු ඇත.

    එක්දින තරගාවලිය ජූනි 28 වැනිදා චෙල්ම්ස්ෆෝඩ්හි ක්ලවුඩ් ප්‍රාන්ත ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් ආරම්භ වේ. එම තරගයට පෙර ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ලෆ්බ්‍රෝ විශ්වවිද්‍යාලය ක්‍රීඩාංගණයේදී පුහුණු තරගයකට 25 වැනිදා සහභාගිවීමට නියමිතය වේ.

    දෙවැනි සහ තෙවැනි තරග හෝව්හිදී පැවැත්වෙන අතර තරග 2 කින් සමන්විත සිව්දින තරගාවලිය ජූලි මස 08 වැනිදා සිට 11 වැනිදා දක්වා වෝර්ම්ස්ලිහිදීත් දෙවැන්න 16 වැනිදා සිට 19 වැනිදා දක්වා චෙල්ටෙන්හම් හිදීද පැවැත්වෙනු ඇත.

    මෙම සංචාරයේදී එංගලන්ත 19 පහළ ක්‍රිකට් කණ්ඩායම සමග ශ්‍රී ලංකාව එක් දින තරග තුනක් සහ සිව් දින තරග දෙකක් ක්‍රීඩා කිරීමට නියමිතව ඇත.

    ශ්‍රී ලංකා 19වෙනි පහළ කණ්ඩායමේ ක්‍රීඩකයන් දහ අට දෙනෙක් සර්ව ආගමික වතාවත් වලින් අනතුරුව එංගලන්ත සංචාරය සඳහා නික්ම ගියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya