ජූනි 30, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා කාන්තා පිළ කල් ඇතිවම තරගාවලි ජය ගනී

    ජූනි 19, 2024

    බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම හා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත අන්තර්ජාතික එක්දින තරගාවලියේ පිට පිට තරග දෙකක් ජයගත් ශ්‍රී ලංකා කාන්තා පිල තරගයක් ඉතිරිව තිබියදී 2-0ක් ලෙස තරගාවලි ජය වාර්තා කිරීමට ඊයේ(18) සමත් විය.


    හම්බන්තොටදී ඊයේ (18) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා කාන්තාවෝ කඩුලු 6ක ජයක් අත්කර ගත් අතර, මෙයට දින තුනකට පෙර පැවැති පළමු තරගයෙන් චමරි අතපත්තු ප්‍රමුඛ කාන්තා බළ ඇණිය කඩුලු 6ක ජයක් වාර්තා කිරීමට සමත් විය.

    ලබන වසරේ පැවැත්වෙන කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම සදහා කණ්ඩායම් දෙකටම ඉතාමත් තීරණාත්මක තරගාවලියක් වන මෙයින් ශ්‍රී ලංකා පිල ඉදිරියට පැමිණ සිටීම විශේෂත්වයකි.

    කාසියේ වාසිය දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කොට සියලු දෙනා දැවී ලකුණු 92ක් ලබාගත් අතර ලකුණු 93ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමේදී නිලක්ෂි ද සිල්වාගේ පිත්තෙන් එල්ල වූ ලකුණත් සමඟ ශ්‍රී ලංකා ඉනිමේ ජයග්‍රහණය සටහන් විය. ඒ වෙද්දී ලකුණු පුවරුවේ තවත් ඕවර් 29ක් හා පන්දු 3ක් ශ්‍රී ලංකාවට ඉතිරිව තිබිණි. පිතිකාරිණියන් 5ක් පමණක් දැවී ගොස් ලබාගත් මෙම ජයග්‍රහණයේ නියමුවරිය බවට විශ්මි ගුණරත්න පත්වෙමින් පන්දු 50කදී හයේ පහරක් හා හතරේ පහර 9ක් සමඟ ලකුණු 50ක් ලබා ගැනීමට සමත් වූවාය.

    අංක 4 පිතිකාරිණිය ලෙස පැමිණි කවීෂා දිල්හාරි පන්දු 38කදී හතරේ 4ක් සමඟ ලකුණු 28ක් ලබාගත් අතර, ඇයගේ දඟ පන්දු යැවීම හමුවේ බටහිර ඉන්දීය කොදෙව් පිතිකාරිණියන්ට හිස පහත් කරමින් පන්දුවට පහරදීමට විය. කවීෂා මෙම දෙවැනි එක්දින තරගයේදී ඕවර් 6ක් යවා ලකුණු 20කට කඩුලු 4ක් බිඳ හෙලීමට සමත් වූ අතර, පළමු තරගයේදී ලකුණු 41කට කඩුලු 3ක් බිඳහෙලා දස්කම් දැක්වූවාය.

    කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පළමු තරගයේදී වැඩිම ලකුණු ලාභිණිය බවට පත්වූ හේලි මැතිව්ස් අද තරගයට ක්‍රීඩා කළේ නැත. ඒ වෙනුවට ෂිමයිනී කැම්බෙල් ක්‍රීඩා කළද ඇයට ලබාගත හැකිවූයේ ලකුණු 9ක් පමණි. කොදෙව් ඉනිමේ ආරම්භක පිතිකාරිණිය වූ රෂාඩා විලියම්ස් ලකුණු 24ක් ලබාගත් අතර, අවසන් පෙළ ක්‍රීඩා කළ ආලියා අලිනී හා අෆි ෆ්ලෙචර් ලකුණු 16 බැගින් එක් කළහ.

    දෙරට අතර පැවැත්වෙන මෙම එක්දින තරගාවලියේ තෙවැනි හා අවසන් තරගය මේ 21 වැනිදා හම්බන්තොටදී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya