ජූලි 02, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මැතිව්ස් ජනතාව වෙත කණගාටුව පළ කරයි

    ජූනි 17, 2024

    ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත් වීමට සිදුවීම පිළිබඳව කණ්ඩායම වෙනුවෙන් තමා ශ්‍රී ලංකාවාසීනට කණගාටුව පළ කරන බව හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රකාශ කරයි.



    “අප මෙහි පැමිණියේ අභියෝගතා මැදින් වුවත් ඒවා අපගේ කණස්සල්ලට කිසිදු හේතුවක් වුයේ නෑ. දෙවන වටයට යාමට නොලැබීම අවාසනාවන්ත කරුණක්“ බව කී මැතිව්ස් මූලික වටයෙන් ඉවත්වීම කොහෙත්ම අපේක්ෂා නොකළ සිදු වීමක් බව ද සඳහන් කර සිටියේය.

    “මෙවර තරගාවලියේදී සියලු කණ්ඩායම් අපට සුළුවෙන් තැකීමට කොහෙත්ම බෑ. නේපාලය පවා දකුණු අප්‍රිකාව සමඟ පැවැති තරගයේදී තරගය ජය ගන්නා තරමටම ළඟටම පැමිණියා. අපගේ පැත්තෙන් බලන විට තව ඉතිරිව ඇත්තේ නෙදර්ලන්තය සමඟ තරගය පමණයි. අප සතු දක්ෂතා පෙන්වීමට එම තරගයේදී අප හොඳින්ම ක්‍රීඩා කළ යුතු වනවා.“

    “ප්‍රථම තරග දෙකේදී අපගේ ක්‍රීඩකයන් ඔවුන් සතු දක්ෂතා පිළිබිඹු කිරීමට තරම් හොඳින් ක්‍රීඩා නොකිරීම හදවත් කම්පා කරවන සිදුවීමක්. මේ සිදුවීම් මෙසේ වුවත් ඉදිරියේදී අපගේ ක්‍රීඩකයන් නැවත දක්ෂතා අතරට පැමිණෙතැයි අපගේ අපේක්ෂාවයි“.

    ශ්‍රී ලංකාව මේ තරගාවලියට සහභාගි වීමට පෙර පසුගිය දෙසැම්බරයේ සිට තරගාවලි තුනක්ම ජයගෙන ලෝක කුසලානයට පැමිණියේ ප්‍රබල තත්ත්වයකිනුයි.

    “බංග්ලාදේශයේ පැවැති ඇෆ්ගනිස්තාන, සිබ්බාබ්වේ සහ බංග්ලාදේශ තරගාවලියේදීත් අප හොඳින්ම දස්කම් දැක්වූවා. ඒත් ලෝක කුසලාන තරගාවලියේ අපගේ දස්කම් විදහා නොදැක්වීම කණගාටුවක්“.

    “අමෙරිකානු තණතිලි වෙනස් වුවත් අප මෙහි පැමිණීමට පෙර අප ක්‍රීඩා කළ කණ්ඩායම් සමඟම යළි ක්‍රීඩා කිරීමෙන් අසාර්ථක වීමෙන් පෙනී යන්නේ අප ක්‍රීඩා ලෝලීනට සාධාරණත්වයක් ඉටු නොකළ බවයි“ යැයි ද ඇන්ජලෝ මැතිව්ස් කීවේය.

    ක්‍රීඩක දක්ෂතා පිළිබඳව අදහස් දැක් වූ ඇන්ජලෝ මැතිව්ස් මේ තරගාවලිය අසාර්ථක වීමට බලපෑ ප්‍රධාන කරුණ වුයේ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය බව ද කීවේය. පන්දු යවන්නන් සහ පන්දු රකින්නන් කළ සේවය අගය කරමින් අදහස් දැක් වූ ඇන්ජලෝ මැතිව්ස් පිතිකරුවන් කෙතරම් අඩු මුළු ලකුණු සංඛ්‍යාවන් රැස් කළත් පන්දු යවන්නන්  සහ පන්දු රකින්නන් එම  ලකුණු රැක ගැනීමට තරම් බලවත් වෙහෙසක් ගෙන විශිෂ්ට දක්ෂතා පෙන් වු බව ද කීවේය.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya