නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අද ඇරඹේ

    ජූලි 01, 2024

    2024 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය අද (01) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. පළමු තරඟය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම අතර තරගය රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.



    පලමු තරගාරම්භයට පෙර නැටුම්, ගැයුම් සහ වැයුම් වලින් සමන්විත විචිත්‍රවත් සමාරම්භක උත්සවය ප.ව. 6.15 ට පැවැත්වීමට තරගාවලි සංවිධායකයෝ පියවර ගෙන තිබේ. මෙම තරගාවලියේ සමාරම්භය ශ්‍රී ලංකා කාන්තා නායිකා චමරි අතපත්තු විසින් සිදුකිරීමට නියමිතය. මෙම අවස්ථාවට LPL – 5 හි සන්නාම තානාපතිවරයා ලෙසින් කටයුතු කරන හිටපු ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන දිනූ කණ්ඩායමේ නායක මයිකල් ක්ලාක්ද සහභාගිවනු ඇත.

    ඔවුන් දෙපළට අමතරව තරගාවලිය නියෝජනය කරනු ලබන සියලුම කණ්ඩායම්වල නායකයින් ඇතුළු කණ්ඩායම් පහේ ක්‍රීඩකයින්ද මෙම විචිත්‍රවත් සමාරම්භයට සහභාගිවනු ඇත. මෙහිදී වත්මන් ලංකා ප්‍රිමියර් ලීග් ශූරයින් වන කැන්ඩි කණ්ඩායමේ නායක වනිඳු හසරංග විසින් තරගාවලියේ සන්නාම තානාපතිවරයා වෙත කුසලාන පිරිනැමීම සිදු කරනු ලබයි.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා, ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ද සහභාගිවීමට නියමිතවේ.

    මෙහි ඇති එක් විශේෂත්වයක් වන්නේ මෙවර තරගාවලියේ නිල ගීතයද එළි දැක්වීමට කටයුතු කිරීමයි. එය යොහානි, ඩීජේ.මාස්, අප්සි සහ රොමේයින් විල්ස් වැනි නව පරපුරේ කලාකරුවන් විසින් ඉදිරිපත් කරනු ඇත.

    ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය මහනුවරින් ආරම්භ වී පසුව දඹුල්ල ක්‍රීඩාංගණය හා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය කේන්ද්‍රකොට පැවැත්වීමට කටයුතු යොදා ඇත. පසුගිය වසරේදී වනිඳු හසරංගගේ නායකත්වයෙන් යුත් කැන්ඩි පිල ශූරයන් බවට පත්වූ හෙයින් තරගාවලිය මහනුවරින් ආරම්භ වේ.

    මෙම මස 21 වැනිදා දක්වා සති තුනකට ආසන්න කාලයක් පැවැත්වෙන තරගාවලියට, ලොව ප්‍රබලතම විදෙස් ක්‍රීඩකයන් සමග දේශීය ක්‍රීඩකයන් එක්වන අතර, බටහිර ඉන්දීය කොදෙව්හි ඊයේ නිමාවූ විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නියෝජනය කළ ක්‍රීඩකයින් 32 ක් මෙවර තරගාවලියට ක්‍රීඩා කරති. ජයග්‍රාහී කණ්ඩායමට කුසලානය සමඟ මුදලින් ඩොලර් ලක්ෂයක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් කෝටි තුනකට ආසන්මුන මුදල් ත්‍යාගයක් හිමිවන අතර, අනුශූරයන්ට ඩොලර් 50,000 ක මුදලක් හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි එකහමාරක් පිරිනැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සූදානම් වේ.

    ලංකා ප්‍රිමියර් ලීග් විස්සයි 20 තරගාවලිය සංවිධානය තුලින් විදෙස් ක්‍රීඩකයන් සමග ශ්‍රී ලංකාවේ නැගීඑන ක්‍රීඩකයන් උරෙන් උර ගැටී ලැබෙන අත්දැකීම් සම්භාරය අති විශාල එකකි. ශ්‍රී ලාංකේය නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයන්ට මෙම තරගාවලිය කදිම අත්දැකීමක් වන අතර, ඔවුන්ට තව දුරටත් ඔපවත්වීමේ අවස්ථාවක් මෙම තියුණු සටන් තුලින් ඇති වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya