ජූලි 07, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Galle Marvels හා Colombo Strikers කණ්ඩායම්වලට ජය

    ජූලි 03, 2024

    2024 ලංකා ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (02) Galle Marvels කණ්ඩායම හා Jaffna Kings කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 5 ක තියුණු ජයක් වාර්තා කිරීමට Galle Marvels කණ්ඩායම සමත් වුණා.



    තරගයේ කාසියේ වාසිය දිනාගත් Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 177 ක් ලබා ගත්තා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Galle Marvels කණ්ඩායම අවසන් පන්දුවාරයේ අවසන් පන්දුවේදී කඩුලු 5 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

    එසේම ඊයේ දිනයේ Colombo Strikers කණ්ඩායම හා Kandy Falcons කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 51 ක ජයක් වාර්තා කිරීමට Colombo Strikers කණ්ඩායම සමත් විය.

    තරගයේ කාසියේ වාසිය දිනාගත් Kandy Falcons කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Colombo Strikers කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 7 ක් දැවී ලකුණු 198 ක් ලබා ගත්තා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Kandy Falcons කණ්ඩායමට පන්දුවාර 15 යි පන්දු 5 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 147 ක් පමණයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya