ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Halesගේ සහ භානුකගේ වේගවත් ඉනිමක් - Galle පිළට පහසු ජයක්

    ජූලි 11, 2024

    ලංකා ප්‍රිමියලීග් තරඟාවලියේ Kandy Falcons සහ Galle Marvels කණ්ඩායම් අතර ඊයේ(10) පැවති තරඟයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබා ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වුනා.



    කාසියේ වාසිය දිනූ Galle Marvels නායක නිරෝෂන් දික්වැල්ල පන්දුවට පහරදීම සඳහා Kandy Falcons කණ්ඩායමට ආරාධනා කළ අතර, සිය පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 187ක් ලබා ගැනීමට Kandy පිළට හැකි විය.

    පන්දුවට පහරදීමේදී Kandy පිළ වෙනුවෙන් Andre Fletcher ලකුණු 69ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 32ක් ද රැස් කිරීමට සමත් විය. පන්දු යැවීමේදී ප්‍රභාත් ජයසූරිය ලකුණු 30කට කඩුලු 3ක් සහ Dwaine Pretorius ලකුණු 37ක‌ට කඩුලු 2ක් බිඳ හෙළීම‌ට සමත් වූහ.

    ජයග්‍රහණය සඳහා ලකුණු 188ක් හඹාගිය  Galle Marvels පන්දු වාර 19 පන්දු 2කදී කඩුලු 2ක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා. Galle පිළ වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ Alex Hales පන්දු 55කින් නොදැවී ලකුණු 86ක් ලබාගත්තේ හයේ පහරවල් 4ක් සහ හතරේ පහරවල් 4ක් ද සමගිනි. ඊට අනගි සහායක් ලබාදුන් භානුක රාජපක්ෂ පන්දු 26කින් ලකුණු 46ක් රැස් කළේ හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක්ද ලබා ගනිමිනි.

    ඒ අනුව තරඟයේ ජය පහසුවෙන් ලබා ගැනීමට Galle Marvels කණ්ඩායම සමත් වුනා. පන්දුවෙන් දස්කම් දැක්වූ ප්‍රභාත් ජයසූරිය තරඟයේ වීරයා ලෙස නම් කෙරිණි

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya