සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Kandy Falcons හා Colombo Strikers කණ්ඩායම්වලට ජය

    ජූලි 16, 2024

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි‍යේ ඊයේ (15) පැවති තරඟ දෙකෙන් ජය ගැනීමට Kandy Falcons හා Colombo Strikers කණ්ඩායම් සමත් විය. 

    දිනයේ පළමු තරඟය ලෙස Kandy Falcons කණ්ඩායම හා Dambulla Sixers කණ්ඩායම අතර පැවති තරගයෙන් ලකුණු 54 ක ජයක් ලබා ගැනීමට Kandy Falcons කණ්ඩායම සමත් වූවේය.  

    තරගයේ කාසියේ වාසිය දිනාගත් Dambulla Sixers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Kandy Falcons කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවී ලකුණු 222 ක් රැස් කළහ. Andre Fletcher වේගවත් ලකුණු 60ක් ද Kamindu Mendis ලකුණු 51ක් සහ Angelo Mathews 44ක් ද Kandy පිළ වෙනුවෙන් රැස් කිරීමට සමත් විය. 

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Dambulla Sixers කණ්ඩායමට සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලබුණේ ලකුණු 168 ක් පමණි.  පන්දුව‌ට පහර දීමේ දී Kusal Perera ලකුණු 71ක් සහ Mark Chapman ලකුණු 24ක් ද රැස් කිරීමට සමත් විය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Wanindu Hasaranga ලකුණු 35කට Kandy කණ්ඩායමේ කඩුලු 4ක් දවා ගත්තේය.  

    ඊට අමතරනව දිනයේ දෙවන තරඟය ලෙස Colombo Strikers කණ්ඩායම හා Galle Marvels කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට Colombo Strikers කණ්ඩායම සමත් විය.

    තරඟයේ කාසියේ වාසිය දිනාගත් Colombo Strikers කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට Galle Marvels කණ්ඩායමට ආරධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 138 ක් පමණි. Matheesha Pathirana ලකුණු 20කට කඩුලු 4ක් බිඳ හෙළීමට සමත් විය‍. 

    ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Colombo Strikers කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් විය. Colombo පිළ  Muhammad Waseem ලකුණු 50ක් සහ Glenn Phillips ලකුණු 31ක් ලබා ගත්හ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya