සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය නොමිලේ නැරඹීමේ අවස්ථාව

    ජූලි 16, 2024

    2024 ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරඟාවලිය නොමිලේ නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්හට අවස්ථාව ලබා දීමට අවස්ථාව සලසා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

     ඒ අනුව තරඟාවලිය පැවැත්වෙන දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇතුළු වීම් දොරටු ජනතාව සඳහා විවෘතව තැබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ. 

     2024 ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරඟාවලිය ජූලි මස 19 වනදා ආරම්භ වීමට නියමිත අතර එක්සත් ආරාබි එමීර් රාජ්‍ය සහ නේපාල කණ්ඩායම් පළමු තරඟයේදී තරඟ වදිනු ඇත.

     ශ්‍රී ලංකා කාන්තා පිළ සහභාගී වන පළමු තරඟය බංග්ලාදේශය සමඟ ලබන 20 වනදා පැවැත්වීමට නියමිතයි. තරඟාවලියට සහභාගී වීම සඳහා මැලේසියාව, නේපාල සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් මේ වන විටත් දිවයිනට පැමිණ තිබෙනවා. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya