සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අවසන් සිව්දෙනාගේ වටයට වරම් අහිමි වූ Dambulla Sixers

    ජූලි 17, 2024

    ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික තරඟ වටය යටතේ පැවැති අවසන් තරඟයෙන් Colombo Strikers කණ්ඩායමට එරෙහිව ලකුණු 28 ක ජයක් වාර්තා කිරීමට Dambulla Sixers කණ්ඩායම ඊයේ(16) රාත්‍රියේ සමත්විය.

    කාසියේ වාසිය දිනූ Colombo Strikers නායක තිසර පෙරේරා පළමුවෙන් පන්දුවට පහරදීමට Dambulla පිළට ආරාධනා කළ අතර ඔවුන්ට සිය පන්දුවාර 20 අවසානයේ ලබා ගත හැකි වූයේ සියළු දෙනා දැවී ලකුණු 123ක් පමණි.

    Dambulla කණ්ඩායමේ ඉදිරි පෙළ පිතිකරුවන් එතරම් ලකුණු අතරට පිවිසීමට අසමත් වුවද මැද පෙළින් පැමිණි නායක Mohammad Nabi පන්දු 33 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 40 ක් ලබා ගනිමින් ලකුණු 123ක් කරා තම කණ්ඩායම රැගෙන යාමට සමත් විය. ඔහුට අනගි සහායක් ලබා දුන් චමිඳු වික්‍රමසිංහ පන්දු 29 කදී ලකුණු 26 ක් ලබා ගත්තේ හයේ පහරක් සහ හතරේ පහරක් තම ඉනිමට ඇතුළත් කර ගනිමිනි.

    Dambulla කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වුණු බිනුර ප්‍රනාන්දු ලකුණු 13 කට කඩුලු 3 ක් බිඳ හෙළද්දී මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් බිඳ හෙලීමට සමත් විය.

    ඒ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 123ක ඉලක්කයක් හඹා ගිය Colombo කණ්ඩායමට පන්දුවාර 18.1 කදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ ලකුණු 95 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිරත වුණු නුවන් ප්‍රදීප් ලකුණු 20 කට කඩුලු 3 ක් ද චමිඳු වික්‍රමසිංහ ලකුණු 13 ක් පමණක් ලබා දී කඩුලු 2 ක්ද දවාලමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

    කෙසේ වෙතත්, Dambulla කණ්ඩායම අද තරඟයෙන් ජය වාර්තා කළ ද අවසන් කණ්ඩායම් 4 අතර තරඟ වටයට පිවිසීමට තරම් ශුද්ධ දළ ලකුණු වේගයක් රඳවා ගැනීමට අසමත්වීම නිසා ඔවුන්ට පළමු වටයෙන්ම ඉවත් වන්නට සිදුවිය.

     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya