සැප්තැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රුපියල් මිලියන 75 ක දළ වීථි වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

    සැප්තැම්බර් 07, 2024

    ශ්‍රී ලංකා නාවික හමුදාව ඊයේ (06) මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් එකසිය අසූ අටකට (188) අධික තොගයක් (තෙතබර සමඟ) සහිත උර පහක් (05) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

    ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනය විසින්, එම ආයතනයට අනුයුක්ත පී 151 වෙරළ බඩ මුර යාත්‍රාව යොදවා 2024 සැප්තැම්බර් මස 06 වන දින මන්නාරම පේසාලේ ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකෙරිණි. එහිදී, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ සැකකටයුතු උර පහක් (05) නීරීක්‍ෂණය කර පරික්‍ෂා කිරීමේදී, එම උර තුල තිබී කේරළ ගංජා කිලෝ එකසීය අසූ අටයි (188) ග්‍රෑම් තුන්සීය විසි පහක (325) පමණ තොගයක් (තෙතබර සහිත) මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි

    නාවික හමුදා මෙහෙයුම් හමුවේ ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මෙලෙස මුහුදේ අතහැර දමන්නට ඇතැයි සැකකෙරෙන, නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන හැත්තෑ පහක් (75) පමණ වෙතැයි විශ්වාස කෙරේ.

    තවද, නාවික හමුදා භාරයට ගත් මෙම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලේ පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

    තවද, මෙම මෙහෙයුමත් සමඟ 2024 වර්ෂයේ මේ දක්වා සිදුකල මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස රැගෙන ආ කේරළ ගංජා කිලෝග්‍රෑම් 1242 ක පමණ තොගයක් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා යොමු කිරීමට නාවික හමුදාව සහ වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සමත්ව ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya