ඔක්තෝබර් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චෝදනා වලට වනිඳුගෙන් පිළිතුරු

    ජූලි 17, 2024

    තමන්ට එල්ල වන අභියෝගවලට මුහුණ දෙමින් ඉදිරියේදීත් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ හිටපු නායක වනිදු හසරංග පවසනවා.

    ඔහු මේ බව පැවසුවේ පසුගියදා (15) Kandy Falcons සහ Dambulla Sixers අතර තරඟයෙන් අනතුරුව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි.

    “මා මේ දිනවල ගත කරන කාලය ඕනෑම කෙනකුට විය හැකි දෙයක්. ඕනෑම ක්‍රීඩකයකුට වෙන්න පුළුවන් වගේම ඕනෑම මනුෂ්‍යකුටත් වෙන්න පුළුවන්. මට විශාල අභියෝග එනවා. ක්‍රීඩකයකු විදිහට පිටින් එන කරදර බාධක වගේ දේවල් ක්‍රීඩාවට බාධාවක් නොවෙන්න පාලනය කර ගත යුතුයි. මම දන්නවා මා ක්‍රීඩාවට කරපු දේවල්. ක්‍රීඩක‍යෙක් විදිහට ඉදිරියටත් කළ හැකි දේ උපරිම කරනවා. අභියෝග සියල්ල අධ්‍යයනය කරමින් දවසින් දවස ජීවිතයට මුහුණ දෙනවා” වනිඳු හසරංග පැවසීය.

    ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ ඊයේ(16) අවසන් වූ පළමු වටයේ තරඟයත් සමගින් මීලඟ වටය සඳහා සුදුසුකම් ලැබීමේ අවස්ථාව වනිඳු නායකත්වය දරන Kandy Falcons කණ්ඩායමට හැකි විය. Kandy කණ්ඩායම පළමු වටයේ තරඟ 8කට සහභාගීවෙමින්, ඉන් තරඟ 3ක් ජයගනිමින් ප්‍රසාද ලකුණු 6ක් ලබා සිව්වන ස්ථානය හිමි කර ගැනීමට සමත් ව ඇත.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya