සැප්තැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කරනවා

    සැප්තැම්බර් 07, 2024

    වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් මා මැතිවරණ කරන්නේ නැහැ.
    වත්මන් අභියෝගවලට මුහුණදීමේදී ආධ්‍යාත්මික මගපෙන්වීම සහතික කිරීමට සියලු ආගම් අතර අඛණ්ඩ සහයෝගිතාවයක් අවශ්‍යයි – ලංකා අපෝස්තලික රදගුරු නිකායේ පදවි පරිනැමීමේ සහ උපාධි ප්‍රදානෝත්සවය අමතමින් ජනපති කියයි.

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතින් සුරක්ෂිත කිරීමේ රජයේ කැපවීම යළි අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට හමුවේ ඇති වත්මන් අභියෝගවලට මුහුණදීමේදී ආධ්‍යාත්මික මඟපෙන්විම සහතික කිරීම වෙනුවෙන් සියලු ආගම් අතර අඛණ්ඩ සහයෝගිතාවයක අවශ්‍යතාවය පෙන්වා දුන්නේය.
    ජනාධිපතිවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ අද (07) පෙරවරුවේ පැවති ලංකා අපෝස්තලික රදගුරු නිකායේ පදවි පිරිනැමීමේ සහ උපාධි ප්‍රදානෝත්සවය අමතමිනි.
    නිදහස් ක්‍රිස්තියානි දේවස්ථාන සඳහා ජාතික සම්බන්ධීකාරක ආචාර්ය කර්බී ද ලැනරෝල් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් සිසුන් 160 දෙනෙකුට පදවි හා උපාධි පිරිනැමීම මෙහිදී සිදු කෙරිණි
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිසූන් කිහිප දෙනෙකුට සහතික පත් පිරිනැමීම ද සිදු කෙරිණි,
    වාර්ගික හෝ ආගමික කරුණු පදනම් කර ගනිමින් තමා මැතිවරණ කටයුතු නොකරන බවත්, සෑමවිටම ආගම පාලනයෙන් වෙන්ව තබා ගනිමින් සියලු ආගමිකයන්ට සම අවස්ථා ලබාදීම තම අරමුණ බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
    ශ්‍රී ලංකාවේ සියලු ආගමික ප්‍රජාවන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව මෙහිදී අවධානය යොමු කළ ජනාධිපතිවරයා ඩිජිටල් සහ තාක්‍ෂණික යුගයේ ඔවුන් මුහුණ දෙන අභියෝග සහ ඒ තුළ ඇති අවස්ථාවන් පිළිබඳව ද පෙන්වා දුන්නේය.
    ජාත්‍යන්තර ස්වාධීන අපෝස්තලික රදගුරු පදවිය සිනොඩ්හි ප්‍රධාන ලේකම් ලෙස අලුතින් තේරී පත් වූ ගරු ආචාර්ය කර්බි ඩී. ලැනරෝල් පියතුමන් වෙත සුබ පැතුම් එක් කරමින් සිය දේශනය ආරම්භ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දශකය තුළ ලැනරෝල් පියතුමන් විසින් අපෝස්තලික රදගුරු නිකාය වෙත දක්වනු ලැබූ දායකත්වය ද ඇගයීමට ලක් කළේය.
    මෙරට සමාජ-ආර්ථික තත්ත්වය පිළිබඳව කරුණු දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආගමික කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමට පෙර ජනතාවගේ මූලික අවශ්‍යතාවලට විසඳුම් සෙවීමේ වැදගත්කම ද පැහැදිළි කළේය.
    ශ්‍රී ලංකාවේ කිතුණු ප්‍රජාවගේ ජයග්‍රහණ ද මෙහිදී අගය කළ ජනාධිපතිවරයා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ඉගැන්වීම් සියවස් ගණනාවක් රට තුළ දෝංකාර දුන් බව සඳහන් කළේය. තමන් කැමති ධර්මයක් ඇදහීමේ නිදහස ආරක්ෂා කිරීමේ වැදගත්කම සහ සියලු ආගම් සඳහා සමාන පහසුකම් සැලසීමේ අවශ්‍යතාවය පිළිබඳව ද ජනාධිපතිවරයා විසින් අවධාරණය කෙරිණි.
    ආගමික පිළිවෙත්වල අනාගතය පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සංවිධිත ආගම් කෙරෙහි ඩිජිටල් යුගයේ සහ කෘතිම බුද්ධියේ බලපෑම ලෙස ප්‍රධාන අභියෝග දෙකක් පෙන්වා දෙන ලදී. යොහැතස් ගුටෙන්බර්ග් විසින් නිර්මාණය කරන ලද මුද්‍රණ යන්ත්‍රය වැනි තාක්‍ෂණය ආගමික ඉගැන්වීම් ප්‍රචලිත කිරීම සඳහා ඓතිහාසිකව තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත්, ඩිජිටල් වේදිකාවල නැගීම සහ කෘත්‍රීම බුද්ධිය (AI) ආගමික සංස්ථාව සඳහා අලුතින් ඇති විය හැකි ගැටළු පිළිබඳව ද ජනාධිපතිවරයා අවධානය යොමු කළේය.
    විශේෂයෙන්ම ඩිජිටල් මාධ්‍ය කෙරෙහි වැඩි බලපෑමක් ඇති කරන තරුණ තරුණියන්ට මනෝවිද්‍යාත්මක මඟපෙන්වීම ලබාදීමේ වැදගත්කම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් පළ කළේය. තරුණයින් සම්බන්ධ මෑත කාලීනව සිදු වූ ගැටළු සහගත සිදුවීම් මෙහිදී ඉස්මතු කළ ජනාධිපතිවරයා මෙම ගැටළු විසඳීම සඳහා ආගමික හා ප්‍රජා නායකයින්ගේ අවශ්‍යතාව අවධාරණය කරන ලදී.
    ඉදිරි කාල පරිච්ඡේදයේදී, සියලු දෙනාම එකතු වී මෙම ගැටලුව පිළිබඳව සලකා බැලීම වඩාත් සුදුසු බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ ආගමික පසුබිම පිළිබඳව නොසලකා සියලු පුද්ගලයන්ගේ අවශ්‍යතා කෙරෙහි අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය.
    මෙම අවස්ථාවට එක් වු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග සහ වත්මන් තත්ත්වය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. ආර්ථික අර්බුදයේ උච්චතම අවස්ථාවේ දී රට පුරා සිටින ජනතාව කිසිඳු බේදයකින් තොරව එක හා සමානව දුෂ්කරතාවන්ට මුහුණ දුන් බව අවධාරණය කළේය. මෙම දුෂ්කර අවස්ථාවේ වගකීම භාර ගැනීම පිළිබඳව ජනාධිපතිතුමාට ප්‍රශංසා කළ සාගල රත්නායක මහතා එතුමාගේ සන්සුන්, විශ්වාසනීය නායකත්වය පැසසුමට ලක් කරන ලදී.
    මහ බැංකුවේ ස්වාධීනත්වය, නව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ නීති සහ ජාත්‍යන්තර මට්ටමේ දූෂණ විරෝධී පනත් කෙටුම්පත් සම්මත කිරීම වැනි සැලකිය යුතු ප්‍රතිසංස්කරණයන් පිළිබඳව සඳහන් කළ සාගල රත්නායක මහතා රට ස්ථාවර කිරීමේ ප්‍රයත්නයේදී සියලුදෙනා එක්ව කටයුතු කිරිමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.
    දේශගුණ විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයර්ෆෝස් රොෂාන් ගුණතිලක යන මහත්වරු සහ අපෝස්තලික දයෝසීසයේ සමාජිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya