සැප්තැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්ද කිනම් අයකුට කොපමණ ප්‍රමාණයක් ලැබී ඇත්දැයි කිසිවකුට ප්‍රකාශ කළ නොහැකියි - කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා

    සැප්තැම්බර් 06, 2024
     
    භාවිතා කරනලද තැපැල් ඡන්ද කිනම් අයකුට කොපමණක් ලැබී ඇත්දැයි කිසිවකුට ප්රකාශ කළ නොහැකි බව කොළඹ දිස්ත්රික් ලේකම් ප්රසන්න ගිනිගේ මහතා පවසයි.
    කොළඹ දිස්ත්රික්කයේ තැපැල් ඡන්ද භාවිත කිරීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්රික් ලේකම් කාර්යාලයේ අද(06) පැවති මාධ්යහමුවේදී ඒ මහතා මේ බව පැවසීය.
    ඇතැම් දේශපාලන පක්ෂ හා කණ්ඩායම් සහ ඔවුන් විසින් මෙහෙයවන සමාජමාධ්ය කණ්ඩායම් තමන්ට තැපැල් ඡන්දයේදී වැඩි වාසියක් ඇතැයි කරන ප්රකාශ මැතිවරණ වරදක් බවත්, ඒ සම්බන්ධයෙන් දඬුවම් ලැබිය හැකි බවත්, මැතිවරණ කොමිසම ඒ සම්බන්ධයෙන් ක්රියාකරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
    තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ කොළඹ දිස්ත්රික්කයේ තැපැල් ඡන්ද භාවිතය 90%කට වඩා වැඩි බවත්, කිසිදු මැතිවරණ කඩකිරීමක් වාර්තා නොවූ බවත්ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya