නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තුවේ ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව නිරීක්ෂණ චාරිකාවක

    සැප්තැම්බර් 07, 2024

    2024 යල කන්නයේදී පරිසර හිතකාමී පොහොර භාවිතය මගින් ලබාගත් වී අස්වනු සමීක්ෂණය කිරීමේ වැඩසටහන සඳහා ආහාර සුරක්ෂිතතාව සහ කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගිය අගෝස්තු 28 වැනිදා ගම්පහ (මිනුවන්ගොඩ) ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    පරිසර හිතකාමී පොහොර මෙරට කෘෂිකර්මාන්තයට සාර්ථකව හඳුන්වාදීම කාරක සභාවේ ප්‍රධාන අරමුණ වූ අතර එම පොහොර නිෂ්පාදන ප්‍රධාන වී වගා කරන ප්‍රදේශයේ පරීක්ෂාවට ලක් කළ යුතු බවට මෙම කාරක සභාවේදී තීරණය විය.
    2023/2024 මහ කන්නයේදී පරිසර හිතකාමී පොහොර භාවිත කරමින් වැලිකන්ද සහ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශවල වී යාය ආදර්ශන වල සාර්ථක ප්‍රතිපළ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මෙම කාරක සභාවේ සභාපති ගරු ඩී වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ 2024 යල කන්නයේදී පළාත් 7ක සහ බී, සී සහ එච් යන මහවැලි කලාපවල පරිසර හිතකාමී පොහොර භාවිත කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරුණි. ඒ අනුව මෙම නිරීක්ෂණ චාරිකාව සිදු විය.
    ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා නිලධාරීන් සහ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ සහ පුහුණු ආයතනය, කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව, ජාතික පොහොර ලේකම් කාර්යාලය, ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සහ බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් මෙම නිරීක්ෂණ චාරිකාව සඳහා සහභාගී විය.
    ඉහත වැඩසටහන යටතේ බස්නාහිර පළාතට අදාළ වැඩසටහන බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙහි අධීක්ෂණය යටතේ පවත්වන ලද අතර ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් අස්වනු සමීක්ෂණය සිදු කරන ලදී. වැඩසටහනේ සමස්ත සම්බන්ධීකරණය ජාතික මූලික අධ්‍යයන ආයතනය විසින් සිදු කරන ලදී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya