සැප්තැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාර්ව ආර්ථික සමුළුවේ සත්කාරකත්වයට මෙවරත් ශ්‍රී ලංකා මහ බැංකුව එක්වෙයි

    සැප්තැම්බර් 07, 2024

    පසුගිය 06 වන දින පැවැත්වූ සාර්ව ආර්ථික සමුළුව සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව,ආසියානු සංවර්ධන බැංකු ආයතනය හා ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමය ඒ්කාබද්ධව පස්වන වසර සඳහාත් අඛණ්ඩව සමසත්කාරකත්වය දැරීය.

    ඒ ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ (Asian Development Bank Institute-ADBI) සහ ආසියා ශාන්තිකර ව්‍යවහාරික ආර්ථික විද්‍යා සංගමයේ (Asia-Pacific Applied Economics Association-APAEA) සහයෝගය ඇතිවය.
    මෙම වසරේ සමුළුවේ තේමාව ‘ආසියාවේ සහ පැසිෆික් කලාපයේ උද්ධමනය සහ විනිමය අනුපාත ප්‍රවණතා’ (Inflation and Exchange Rate Dynamics in Asia and Pacific) ලෙස දැක්විණි.
    මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමුළුයේ සමාරම්භක දේශනය ඉදිරිපත් කරමින් විද්වතුන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සම්බන්ධ කරගනිමින් සහයෝගී පර්යේෂණවල නියලීමේ ඇති වැදගත්කම මෙහිදි අවධාරණය කළේය.
    දියුණු ආර්ථිකයක් තුළ ශ්‍රම වෙළෙඳපොළ වල පීඩන ක්‍රමයන් පහව යෑමත්ව, බලශක්ති මිල ගණන් වල අපේක්ෂිත පහත වැටිමත් සමඟ ගෝලිය උද්ධමනය මධයස්ථ වනු ඇති බවද අපේක්ෂා කරන බව ඔහු සඳහන් කළේය.
    ශ්‍රී ලංකා මහ බැංකුවේ, ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ සහ ආසියා ශාන්තිකර වයවහාරික ආර්ථික විද්‍යා සංගමයේ කර්තෘවරුන් විසින් පර්යේෂණ පත්‍රිකා හයක් ඉදිරිපත් කරන ලද තාක්ෂණික සැසිවාර දෙකකින් මෙම සමුළුව සමන්චිත විය.
    ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරයස්කර මහතා සහ ආසියානු සංවර්ධන බැංකු ආයතනයේ පර්යේෂණ අංශයේ උප සභාපති ආචාර්ය දිල් රවුත් මහතා සැසිවාරයන්හි මුලසුන හෙබවුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya