සැප්තැම්බර් 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටරය අනතුරක

    මැයි 20, 2024

    ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි ගමන් කළ හෙලිකොප්ටර් යානය අසර්බයිජාන් වයඹදිග ප්‍රදේශයේදී අනතුරට ලක් වී ඇතැයි එරට රජයේ මාධ්‍ය වාර්තා කළේය.

    අනතුර සිදු වී ඇත්තේ අසර්බයිජාන් දේශසීමාවේදී එරට ජනාධිපති ඉල්හාම් අලියෙව් සමඟ එක්ව වේල්ලක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගි වී ආපසු පැමිණෙමින් සිටියදී බව ද ඉරාන ජනරජයේ පුවත් ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කළේය. ඉරාන විදේශ ඇමැති හොසේන් අමීරබ්ඩොල්ලාහියන්, නැ‍ඟෙනහිර අසර්බයිජාන් ආණ්ඩුකාර මලික් රහ්මටි සහ වයඹදිග අසර්බයිජාන්හි ටබ්රිස් නුවර සිකුරාදා දේවමෙහෙය සිදු කළ ප්‍රධාන පූජක හොජ්ජටුල්ඉස්ලාම් අල් හෂීම් අනතුර සිදුවන මොහොතේදී ජනාධිපතිවරයා සමඟ හෙලිකොප්ටර් යානයේ සිටි බව ද එරට රජයේ මාධ්‍ය තහවුරු කර තිබේ. හෙලිකොප්ටර් යානය පිටත් වී පැය භාගයක් ඇතුළත අනතුර සිදුවී ඇති අතර, එම අනතුරින් ජනාධිපති රයිසි ජීවිතක්ෂයට පත්වූ බව ඉරානය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැති බව ද වාර්තා වේ. එම සිදුවීමෙන් පසු හෙලිකොප්ටර් යානයේ ගමන් කළ සියලු පුද්ගලයන්ගේ ජංගම දුරකතන විසන්ධි වී ඇතැයි ද, හෙලිකොප්ටර් යානයේ රේඩියෝ පණිවුඩ සන්නිවේදනය බිඳ වැටී ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya