ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලෝක කුසලානෙට යන ශ්‍රී ලංකා පිලේ නිල ජර්සිය එළිදැක්වේ

    මැයි 13, 2024

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිල ඇඳුම් සහකරුවන Moose Clothing සමාගම එළැඹෙන විස්සයි 20 ලෝක කුසලානය සඳහා සහභාගීවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් නිල ටීෂර්ටය (ජර්සිය) එළැදැක්වීම පසුගියදා සිදු කෙරුණි.


    ශ්‍රී ලංකා ක්‍රිකට් ඇතුළු ගෞරවනීය සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් ජා ඇළ පිහිටි Moose Clothing සමාගම් පරිශ්‍රයේදී මෙම එළිදැක්වීම සිදුකෙරුණි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා, Moose Clothing සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී හසීබ් ඕමාර් මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා මහතා මෙම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයින් වූහ.

    මෙම නව ජර්සිය ශ්‍රී ලංකාවේ ප්‍රෞඩ ඉතිහාසය සංචාරක මර්මස්ථාන ඇතුළු ශ්‍රී ලාංකේය උරුමයන් ඉස්මතු වන ආකාරයෙන් නිර්මාණයකොට තිබීම විශේෂත්වයකි. මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ උත්ප්‍රේරකයක් ලෙස මෙම ජර්සිය භාවිතා කිරීමද Moose Clothing සමාගමේ අරමුණකි. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල, ආරක්කු 9කින් යුත් පාලම, හඹරන අලි එකතුව, ශ්‍රී ලංකාවේ සඳකඩ පහන, ජාතික කොඩියේ එන සිංහ රුව ආදී සංකේත මෙම ජර්සි නිර්මාණයට යොදා ඇත. එයින් ශ්‍රී ලාංකිකයින් සතු අභියෝග සඳහා ඔරොත්තුදීමේ හැකියාව නොසැලෙන අධිෂ්ඨානය හා නොපසුබට උත්සහය පිළිඹිබු කරයි.

    එබැවින් මෙම ජර්සිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඉතා අභිමානයෙන් යුතුව පැළදිය හැකි බවට විශ්වාසයකි. ශ්‍රී ලාංකේය ජනතාවගේ බලාපොරොත්තු හා සිහින ඉටු කිරීම සංකේතවත් කරමින් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රිකට් පිල ජයග්‍රහණ කරා යනු ඇතැයි සියලු දෙනාගේ අපේක්ෂාව වේ.

    Moose Clothing ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි හසීබ් ඔමාර් මහතා පැවැසූවේ නව නිල ජර්සිය ශ්‍රී ලංකා ක්‍රිකට් පිල වෙත පිළිගැන්වීමට ලැබීම සතුටට කරුණක් බවය.

    “මේ නව නිල ජර්සිය මගින් ශ්‍රී ලංකා අභිමානය ගෝලීය වශයෙන් විදහා දැක්වෙනවා. ක්‍රීඩකයින් දිරිමත් කිරීම වගේම ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය පිළිබඳ ලෝකය වෙත පණිවිඩයක් ගෙන යනවා“ ඔමාර් මහතා පැවැසීය. Moose Clothing හා ශ්‍රී ලංකා ක්‍රිකට් ගොඩනඟාගත් සහයෝගය ගෝලීය වශයෙන් කීර්තිමත් විලාසිතා ප්‍රමුඛයෙකු බවට පත්වීමේ දිගුකාලීන දැක්ම යථාර්ථයක් බවට පත්කර ගැනීමට මහත් ශක්තියක් බවද ඒ මහතා සඳහන් කළේය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya