ජූලි 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    T20 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන අනුගාහකත්වය ‘Amul’ සමාගමෙන්

    මැයි 11, 2024

    ලබන ජුනි මසදී පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සහභාගිවන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස ජාත්‍යන්තර නාමයක් සහිත ප්‍රමුඛ පෙළේ ඉන්දියානු කිරි නිෂ්පාදනායතනයක් වන ‘Amul’ සමාගම කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.



    “ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග  ‘Amul’ සමාගම ඇතිකරගත් හවුල්කාරීත්වය විශිෂ්ඨ එකක් වන අතරම ජාත්‍යන්තර ක්‍රීඩාව සමග ඔවුන්ගේ සන්නාමයට වෙලෙඳ පොළ තුළ විශාල වර්ධනයක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම ජාත්‍යන්තර තරගාවලියක් තුළින් එය ක්‍රීඩා ලෝලීන්ට තවදුරටත් දැක බලා ගැනීමේ අවස්ථාවද උදාවනවා“ යැයි මේ පිළිබඳව අදහස් දක්වා සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා මහතා සදහන් කර සිටියේය.

    එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ හවුල්කරුවකුවීමට අවස්ථාව හිමිවීම පිළිබඳව අදහස් දක්වා සිටින ‘Amul’ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජයෙන් මෙහ්තා මහතා සදහන් කර සිටින්නේ, මීට පෙරද ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ කටයුතු කළ අතර නැවතත් ඔවුන් සමග කටයුතු කිරීමට අවස්ථාව උදාවීම සතුටට කරුණක් වන බවයි. “අපි 2023 වසරේ පැවැති එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සමග කටයුතු කළා. ඔවුන්ට යළිත් අනුග්‍රහය දැක්වීමට අවස්ථාව උදාවීම අපිට සතතුට කරුණක්. ඒ වගේම විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවල ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුභ පැතීමටත් මෙය අවස්ථාවක් කර ගන්නවා“ යැයි මෙහ්තා මහතා සදහන් කර සිටියේය.

    ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 03 වැනිදා සිය පළමු සටන දකුණු අප්‍රිකාවට එරෙහිව ආරම්භ කරන අතර අනතුරුව ජුනි08 වැනිදා බංග්ලාදේශයට එරෙහිවත්, ජුනි 12 වැනිදා නේපාලයට එරෙහිවත් සහ ජුනි 17 වැනිදා නෙදර්ලන්තයට එරෙහිවත් මූලික වටයේ තරග වලට සහභාගිවනු ඇත. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජුනි 29 වැනිදා දක්වා ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය දූපත් යන රටවල් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya