අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිම්බාබ්වේ සමඟ T20 තරඟාවලියේ ජය ශ්‍රී ලංකාවට

    ජනවාරි 19, 2024

    සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ඊයේ පැවැති තුන්වන හා අවසන් විස්සයි විස්ස තරගය කඩුලු 9 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.


    තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට සිම්බාබ්වේ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පන්දුවාර 14 ක් තුළ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 82 ක් පමණයි.

    පන්දුවට පහරදීමේදී සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් Brian Bennett ලකුණු 29 ක් හා Sean Williams ලකුණු 15 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී වනිඳු හසරංග කඩුලු 4 ක් හා ඇන්ජලෝ මැතිව්ස් කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් වුණා.

    පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 11 වන පන්දුවාරයේදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 33 ක් හා පැතුම් නිස්සංක නොදැවී ලකුණු 39 ක් ලබා ගත්තා.

    ඒ අනුව දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරඟාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya