අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ලබන 30 වැනිදා දිවයිනට

    ජනවාරි 22, 2024

    එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරය සඳහා ක්‍රීඩා කිරීම වෙනුවෙන් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම ජනවාරි 30 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

    ඒ අනුව මෙම තරඟ සංචාරය සඳහා තරග රටා ත්‍රිත්වයම ඇතුළත් වන අතර, එක් ටෙස්ට් තරගයක්, එක්දින තරග 3 ක් හා විස්සයි-20 තරග 3 ක් ඇතුළත් වනවා.

    දෙරට අතර පැවැත්වෙන ටෙස්ට් තරගය පෙබරවාරි දෙවැනිදා ආරම්භ වන අතර අනතුරුව එක්දින තරගාවලිය පෙබරවාරි 9, 11 හා 14 යන දිනවලදී කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

    විස්සයි විස්ස තරගාවලිය පෙබරවාරි 17 වැනිදා දඹුල්ල ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන අතර ඉතිරි තරග 19 සහ 21 දිනවලදී පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

    තරග කාලසටහන පහතින් දැක්වේ,

    image 9

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya