අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තුන්කොන් තරඟාවලියක් සඳහා 19න් පහළ කාන්තා පිළ බංග්ලාදේශයට

    ජනවාරි 22, 2024

    බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා (20) පිටත්ව ගියේය.

    මොරටුව වේල්ස් කුමරි විදුහලේ ක්‍රීඩිකා මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් මේ සංචාරයට එක්වන කණ්ඩායමට ක්‍රීඩිකාවෝ 15 දෙනකු එක්ව සිටිති.

    මාතර අනුර විදුහල් ක්‍රීඩිකා රශ්මිකා සෙව්වන්දි කණ්ඩායමේ උපනායිකාව ලෙස නම් කර ඇති අතර, ජාතික කණ්ඩායම නියෝජනය කරන ආරම්භක පිතිකාරිනි විශ්මි ගුණරත්න ද මේ සංචිතයට එක්ව සිටී.

    සත්කාරක බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ පාකිස්තාන යොවුන් කාන්තා පිල එක්වන මේ තුන්කොන් තරගාවලිය ලබන 24 වනදා  කොක්ස් බසාර්හිදී ආරම්භ වෙයි. මේ කණ්ඩායම් 3 මූලික වටයේදී දෙවරක් එකිනෙකා සමඟ තරග වදින අතර, ප්‍රසාද ලකුණු සටහනේ ඉහළම ස්ථාන දෙක හිමි කර ගන්නා කණ්ඩායම් පෙබරවාරි 2 වැනිදා අවසන් මහා තරගයට එක් වෙයි.

    තරගාවලිය ආරම්භ කරමින් පළමු දිනයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග වදින අතර, 25 වැනිදා ශ්‍රී ලංකා පිල පාකිස්තානයට එරෙහිව තරග බිමට පිවිසෙයි. යළිත් 28 සහ 30 වැනිදා පිළිවෙළින් බංග්ලාදේශයට සහ පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතය.

    ශ්‍රී ලංකා යොවුන් කාන්තා සංචිතය - මනුදි නානායක්කාර (නායිකාව), රශ්මිකා සෙව්වන්දි (උපනායිකාව), විශ්මි ගුණරත්න, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), රශ්මි නේත්‍රාංජලී, රිස්මි සංජනා, සංජනා කාවින්දි, විශ්මි සවින්දි, අශානි කෞෂල්‍යා, විමෝක්ෂ බාලසූරිය, යසන්ති නිමන්තිකා, දහමි සනෙත්මා, ශෂිනි ගිම්හානි, නෙත්මි සේනාරත්න සහ දෙව්මි විහඟා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya