අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශී‍්‍ර ලංකාවේ සංහිඳියාවට බාධා නොකරන ලෙස එතෙර ශ්‍රී ලාංකීය ප්‍රජාව එක්සත් ජාතීන්ගෙන් ඉල්ලති

    මාර්තු 25, 2014

     

    ඊයේ (24) ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානය ඉදිරියේ දි යෝධ පෙළපාළියක් පැවැත් වු යුරෝපයේ වෙසෙන ශී‍්‍ර ලාංකීය ප්‍රජාව මෙරටේ සංහිඳියා කි‍්‍රයා පිළිවෙතට බාධා වන අයුරින් කටයුතු නොකරන ලෙස ජගත් සංවිධානයෙන් ඉල්ලා සිටියහ.

    5000කට වැඩි ජනකායක් සහභාගී වූ මේ යෝධ පෙළපාළියට යුරෝපයේ රටවල් ගණනාවක වෙසෙන ශී‍්‍ර ලාංකේය ජනතාව සහභාගි වූහ.

    පෙළපාළිකරුවන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් නවනීදම් පිල්ලේ මහත්මියටත් වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මයිකල් මොලර් මහතාටත් අමතන ලද සන්දේශයකින් කියා සිටියේ එක්සත් ජාතීන්ගේ ප‍්‍රඥප්තියට අනුකූලව කටයුතු කරන රටක් වන ශී‍්‍ර ලංකාවට එරෙහිව ඊනියා මානව හිමිකම් චෝදනා නඟමින් යෝජනාවක් ඉදිරිපත් කිරීම මුළුමනින් ම වැරදි සහගත බවය.

    ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තරය සමඟ සාමකාමීව සුහද ලෙස කටයුතු කරන අතර එක්සත් ජාතීන්ගේ ආයතනයක් මෙරටට වෙනස්කම් කිරීම බලවත් අසාධාරණයක් හා අයුක්තියක් යැයි එම ලිපියෙන් පෙන්වා දී ඇත.


    තවදුරටත් එම ලිපියේ මෙසේ සඳහන් වේ.
    දෙමළ ඩයස්පෝරාවේ බලපෑම් උඩ ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර කටයුතු පිළිබඳ වැරදි දෘෂ්ටියකින් බැලීම සම්පූර්ණයෙන් අසාධාරණය. සාමකාමී සහජීවනය මත සංහිඳියාව තරකර ගැනීමට ශී‍්‍ර ලංකා රජය උගත් පාඩම් සහ ප‍්‍රතිසංධාන කොමිසමේ නිර්දේශයන් සාර්ථකව කි‍්‍රයාත්මක කර යන මෙම අවස්ථාවේ දී එක්සත් ජාතීන් යෝජනාවක් සම්මත කර ගත්හොත් එය රටේ සංහිඳියාවේ කි‍්‍රයා පිළිවෙතට හානි කර වනු ඇත.


    අවුරුදු 30ක් පුරා ත‍්‍රස්තවාදයේ භීෂණයට ගොදුරුව සිටි ජනතාව දැන් සාමකාමීව නිදහසේ වෙසෙති. රටේ ආර්ථිකය වාර්ෂිකව 7%ක වර්ධනයක් ලබන අතර කලින් විනාශයට පත් ව තිබු උතුරු පළාත 23.6%ක ද නැගෙනහිර පළාත 26.6%ක ද වර්ධනයක් වාර්තා කරයි. උතුරේ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පවත්වා ජනතාවගේ නියෝජිතයින් තෝරාපත් කර ගෙන තිබේ. එහි දශක තුනක් අහිමිව තිබු දේශපාලන නිදහස පිළිබඳ ව මෙය හොඳ සාධකයකි.

    ඉහත සඳහන් කරුණු සැලකිල්ලට ගෙන ශී‍්‍ර ලංකා සංහිඳියා කි‍්‍රයා පිළිවෙත ගැන කි‍්‍රයා කරන මෙන් පෙළපාළිකරුවෝ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලා සිටියහ.

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya