අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරුණාජීව අනුස්මරණ අභියෝගතා කුසලාන මහජන බැංකුවේ බටහිර කලාපයට

    මාර්තු 25, 2014

    මහජන බැංකුවේ හිටපු සභාපති දිවංගත ඩබ්ලිව්. කරුණාජීව මහතා සිහිකිරීම සඳහා මහජන බැංකු ක්‍රීඩා සමාජය සංවිධානය කළ අන්තර් කලාපීය සය සාමාජික ක්‍රිකට් තරගාවලිය පසුගියදා කොළඹ BRC ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

    එහි ජයග්‍රාහකයින්ට පිරිනැමෙන ඩබ්ලිව්. කරුණාජීව අනුස්මරණ අභියෝගතා කුසලානය දිනාගැනීමට මහජන බැංකුවේ බටහිර කලාප 01 කණ්ඩායම සමත් විය.මෙම තරගාවලිය පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පැවති අතර, කලාප 11ක් නියෝජන කරමින් කණ්ඩායම් 11ක් කුසලානය සඳහා තරග වැදිණි. මෙහි අනුශූරතාව දකුණු කලාප කණ්ඩායමට ද තෙවන ස්ථානය බටහිර කලාප 02 කණ්ඩායමටද හිමිවිය. තරගාවලියේ වීරයාට හිමි කුසලානය දකුණු කලාපයේ තරිඳු චන්ද්‍රසිරි ද හොඳම පිතිකරුට හිමි කුසලානය බටහිර 01 කලාපයේ තිළිණ වෛද්‍යනාථ ද හොඳම පන්දු යවන්නාට හිමි කුසලානය බටහිර 01 කලාපයේ ඒ.වී.පී. ඉරුක ද දිනාගන්නා ලදී.

    මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී එන්. වසන්ත කුමාර්, ඇතුළු ආයතනික හා විධායක කළමනාකාරීත්වය සහ කාර්යමණ්ඩලයේ විශාල පිරිසක් සහභාගී වූහ.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya