මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    එල්ටීටීඊය ලෝක ළමා ප්‍රාඥප්ති සියල්ල කඩ කර තිබෙනවා -අධ්‍යාපන ඇමති

    මාර්තු 22, 2014

    එල්ටීටීඊ සංවිධානය පාසල් දරුවන්‍ බලහත්කාරයෙන් ඔවුන්ගේ සංවිධානයට බඳවා ගනිමින් ලෝක ළමා ප්‍රඥප්ති සියල්ල කඩ කර තිබෙන බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා කිසිදු භේදයකින් තොරව සියලු දෙනා නිදහස් කරගත් බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා අවධාරණය කළේය.


    බන්ධනාගාර රැඳවියන් වෙනුවෙන් ඉදි කරන ලද හෝමාගම සුනීත විද්‍යාලය ඊයේ (21) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් විවෘත කිරීම නිමිත්තෙන් පැවති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ මහින්දෝදය තාක්ෂණ පීඨය හා පිටිපන පෙළපොත් ගබඩා සංකීර්ණයේ තෙවන අදියර ද ජනාධිපතිතුමා විසින් විවෘත කරන ලදී.

    සුළු සුළු වැරදි හේතුවෙන් බන්ධනාගාරගත වූවන් සමාජගත වන විට ඔවුන්ට ඉදිරි අනාගතය ශක්තිමත්ව ගොඩනගා ගැනීම සඳහා මෙම සුනීත පාසල තුළ පරිගණක දැනුම ලබාගැනීම, විවිධ භාෂා ඉගෙන ගැනීම, වෘත්තීය පාඨමාලා යානාදිය ඉගෙන ගැනීමට අවස්ථාව ලැබී තිබෙන බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ ඉතා වැදගත් හැරවුම් ලක්ෂයන් රැසක් නිර්මාණය කිරීමට එක් දිනකදී හැකි වූ බව ද අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

    SPME

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya