මාර්තු 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සමගි පුර" මහල් නිවාස ප්‍රතිසංස්කරණයට මිලියන 110.5ක්

    මාර්තු 24, 2014

    රුපියල් මිලියන 110.5 වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද නිවාස 244කින් සමන්විත කොළඹ, තොටළඟ, "සමගි පුර" මහල් නිවාස ව්‍යාපෘතිය ඊයේ (23) ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.



    වර්ෂ 1974 දෙසැම්බර් 10 වන දින එවකට මැද කොළඹ මන්ත්‍රී හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි පීටර් කෙනමන් මහතා විසින් මෙම නිවාස ව්‍යාපාතිය ආරම්භ කොට තිබේ. මෙහි මහල් 5 කට වඩා වැඩි ගොඩනැගිලි 6ක් පිහිටා තිබේ.

    මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා , නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශය විසින් ක්‍රියාත්මක ජන සෙවණ නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුම යටතේ ක්‍රියාත්මක “නගමු පුරවර” වැඩසටහන යටතේ මෙම මහල් නිවාස ව්‍යාපෘතිය මෙසේ පූර්ණ ප්‍රතිසංස්කරණය කරනු ලැබ ඇත්තේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසිනි.

    එහි ඉදිකිරීම් භාරව කටයුතු කොට ඇත්තේ ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවය.

    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya