අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතෘ භූමියට ආශිර්වාද පතා පැවැත්වෙන ජය පිරිත් දෙසුම සහ අධිෂ්ඨාන පූජාව

    මාර්තු 24, 2014

    ජිනීවා සමුළුව හරහා මෙරටට එල්ල වන සතුරු බලවේග පරාජය කොට මව්බිම රැක ගැනීමේ අරමුණින් ජය පිරිත් දෙසුමක් සහ අධිෂ්ඨාන පූජාවක් පැවැත්වීමට මහනුවර දිසා ශාසනාරක්ෂක මණ්ඩලය කටයුතු යොදා තිබේ.

    මහනුවර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලවල සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම ආශිර්වාදය පළ කිරීම ලබන 26 දින පස්වරු 4.30ට මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස මහ මළුවේදී පැවැත්වීමට නියමිතය.

    "ජිනීවා සමුළුව හරහා අපේ රටට එල්ල වන සතුරු බලවේග පරදවා මව්බිම රැක ගනිමු" යන්න තේමා කරගනිමින් මෙය පැවැත්වේ. මේ සඳහා අතිපූජ්‍ය මහා සංඝරත්නය පෙරටු කොට ගත් විශාල ගිහි පිරිසක්ද සහභාගී වීමට නියමිත බව මහනුවර අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.

    NDH/TA-dmu Kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya