අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ඒකකයේ නව නේවාසික මධ්‍යස්ථානයක් නුවරඑළියේ

    මාර්තු 23, 2014

    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ඒකකයට නව නේවාසික මධ්‍යස්ථානයක් නුවරඑළියේ ස්ථාපිත කිරීමට නියමිතයි. නුවරඑළිය, අඹේවෙල හා පට්ටිපොළ අතර පවතින ඉඩම් අක්කර 50ක භූමි ප්‍ර‍දේශයක මේ නේවාසික මධ්‍යස්ථානය පිහිටුවීමට යෝජිතයි. මෙහි මැනුම් කටයුතු මේ වන විටත් ආරම්භ කර ඇත. එම කාර්යය නුවරඑළිය දිස්ත්‍රික්කයේ මිනුම් අධිකාරී කාර්යාලය විසින් සිදුකරනු ඇත. මෙහි ඉදිකිරීම් කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම අධිකාරිය විසිනි.

    අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මූලික උපදෙස් මත මෙම නව ඉදිකිරීම සිදු කිරීමට යෝජනා වී තිබේ. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ මැදිහත් වීම මත ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ජේ. දඩල්ලගේ මහතාගේ මෙහෙයවීම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

    300කට අධික නිලධාරීන් නේවාසිකව පුහුණු කිරීමට අවශ්‍ය සියළු පහසුකම් මෙම මධ්‍යස්ථානය මඟින් ඉටු වේ. එය ජාත්‍යන්තර පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක් දක්වා වැඩිදියුණු කිරීමට ද සැලසුම් කර තිබේ. ඒ අනුව සංචාරක මධ්‍යස්ථානයක්, වෛද්‍ය මධ්‍යස්ථානයක්, කාය වර්ධන ඒකකයක්, ක්‍රීඩා පහසුකම් සහ නවීන පහසුකම්වලින් සපිරුණු සුපිරි වෙළෙඳසැලක් මේ සඳහා යෝජිතය. ලෝකාන්තය සහ හොර්ටන්තැන්න ආශ්‍රිත පරිසර කලාප මේ ආසන්නයේ පිහිටා ඇති බැවින් දැඩි පරිසර හිතකාමී ක්‍රමවේදයක් යටතේ මෙහි සියළු ඉඳිකිරීම් කරනු ඇත. මේ මඟින් ප්‍රදේශයේ ජනතාවට ද ආර්ථික හා සමාජ ප්‍රතිලාභ රැසක් හිමි වේ. 2016දී මෙම ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ඒකකයේ, නව නේවාසික මධ්‍යස්ථානයේ වැඩකටයුතු නිමකිරීමට අදහස් කරන බව ද නුවරඑළිය අප දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පැවසීය.

    NDH/SH-dmu Nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya