ශ්‍රී ලංකා සංස්කෘතික පදනම සිය දස වසරක ජාතික මෙහෙවර සමරමින් මේ බක්මහ උළෙල තෙවන වරටත් සංවිධානය කර ඇත.
නිල්වලා අවුරුදු කුමරා හා කුමරිය තේරීම, ගාලු - මාතර නෑගම් සවාරිය, මැරතන් ධාවන තරග, ජන ගී, ජන ගායනා ඇතුළු තරග ගණනාවකින් මෙය සමන්විත වේ.
මාතර මහ නගර සභාව, මාතර පොලිස් මූලස්ථානය, මාතර ප්‍රා දේශීය මහ ලේකම් කාර්යාලය, ජාතික තරුණ සේවා සභාව, දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, මාතර රුහුණු සංස්කෘතික මධ්‍යස්ථානය, තල් අරඹ කලණ මිත්‍රත්ව සංගමය හා මාතර ආසිරි රෝහල් පෞද්ගලික සමාගම මෙවර බක්මහ උළෙලට අනුග්‍රාහකත්වය දක්වයි.
තරගවලින් ජයග්‍රහණය කරන්නන්ට වටිනා තිළිණ හා සහතිකපත් ප්රදානය කිරීමට සංවිධායක මඩුල්ල කටයුතු යොදා ඇත.
NDH